News Line| Off Air| Games
Generic placeholder image

Aug
1

අද ලග්න 2 කට දුර ගමන් යෙදෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1089 Views


අද ලග්න 2 කට දුර ගමන් යෙදෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු මස 01 වෙනි බදාදා
රාහු කාලය දිවා කාලය සඳහා  දහවල්  12.16 සිට සවස  01.50 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී  12.16 සිට අලුයම 0 1.42 දක්වා
සුභ දිශාව – උතුර
මරු සිටින දිශාව  – නිරිත

මේෂ ලග්නය

හවුල් ව්‍යාපාර හා හවුලේ සිදුකරන කටයුතු සඳහා සුභ දිනයකි.අලුත් ආරම්භයක් සිදු කරන දවසක්. මානසික පීඩාකාරීත්වයක් තිබිය හැකියි. කල්පනාකාරීව කටයුතු කරන්න.

ජය වර්ණය – රන්වන් පැහැය                                                 ජය අංකය- 07

වෘෂභ ලග්නය

ආහාර ගැනීමේ රටාව වෙනස් වන දිනයකි. ඔබගේ සෞබ්‍ය පිලිබඳව අද වැඩි අවධානයක් යොමුකරන්න. වැඩිහිටියන් මෙන්ම , උගත් පුද්ගලයින් වැඩි වශයෙන් ආශ්‍රය කිරීමට හැකියාව ඇති දිනයකි. කට පරිස්සම් කරගත යුතු දිනයකි.

ජය වර්ණය – ලා කහ පැහැය                                             ජය අංකය -03

මිථුන ලග්නය

ආගම , කුලය වෙනස් අය සමඟ වැඩිපුර ඇසුරු කිරීමට සිදුවන දිනයකි. වචන භාවිතයේදී ඉතා සැලකිලිමත් විය යුතුයි.ඔබගේ බුද්ධිමත්භාවය නිසා ඉතා හොඳ ප්‍රතිඵල හිමිවන දිනයක්. දැනුම වර්ධනය වනවා සේම අරමුණු සාර්ථක කරගත හැකි දිනයකි.

ජය වර්ණය- ලා නිල් පැහැය                                                    ජය අංකය – 08

කටක ලග්නය

යාන වාහන ,ගේ දොර ඉඩකඩම් පිළිබඳව වෙනදට වඩා අවධානයක්ම යොමු වෙන දිනයකි. කාන්තා පාර්ශවයෙන් ඥාතීන්ගෙන් උදව් ලැබෙන දිනයකි. දුර බැහැර ගමන් යාමට ආරාධනා ලැබෙන අතර ඔබ ඒවා ප්‍රතික්ෂේප කරනවා. ඔබ අද යම් මානසික පීඩාවකින් පෙලෙන දිනයකි. කෙසේ වෙතත් උසස් පුද්ගල ආශ්‍රය නිසා ඔබ අද දවස සාර්ථක කරගැනීමේ හැකියාව පවතී.

ජය වර්ණය – විසිතුරු පැහැය                                                           ජය අංකය – 09

සිංහ ලග්නය

දුර බැහැර ගමන් වලින් වෙහෙසකාරී තත්ත්ව ඇතිවන දිනයකි. සෞඛ්‍ය පිලිබඳව ඉතාමත්ම සැලකිලිමත් වියයුතුයි. කොන්ද තුනටිය ආශ්‍රිත මෙන්ම සෙම් සහිත රෝගද ඇතිවීමේ අවධානම පවතින දිනයකි.

ජය වර්ණය- දීප්තිමත් කොළ පැහැය                                          ජය අංකය -09

කන්‍යා ලග්නය

වචන භාවිතා කරන වෘත්තිකයන්ට ඉතා සුභ දිනයකි. පවුල වෙනුවෙන් පෙනීසිටින අතර බොහෝ වෙහෙස වී වැඩ කරන දිනයකි .කැපවීමට මහන්සියට අනුරූපව ඔබට ප්‍රතිඵල ලැබෙන දිනයකි.

ජය වර්ණය- රන්වන් පැහැය                                       ජය අංකය-  09

තුලා ලග්නය

පරිනත ස්වභාවයකින් කටයුතු කරන දවසකි. ඔබ ඉතා ගෞරවයට පත්වන දිනයකි.ඔබ කතා කරන වචන වලට පවා අන් අය ඉතා ආසා කරන දිනයකි. එමගින් ඔබ අද දිනය අනයට උදව් කිරීමට කැපවේ. අධ්‍යාපන මෙන්ම ලිපිලේඛන ආශ්‍රිත සිදුකරන කටයුතු වලට ඉතා සුභ දිනයකි.

ජය වර්ණය – විසිතුරු පැහැය                                      ජය අංකය – 08

වෘශ්චික ලග්නය

 

ඉතා ප්‍රවේශමෙන් කටයුතු කල යුතු දවසකි. අනවශ්‍ය වියදම් වැඩි වන වගේම කෙනෙක්ට උපකාර කිරීම ගොස් කල හොඳ පස්සෙන් එලවන දිනයක් ලෙස අද හැඳින්විය හැකියි. සෞඛ්‍ය ඔබට වගේම ඔබේ සමීපතම අයෙකුටත් කරදරකාරී බවක් ගෙන දෙන දිනයකි.

ජය වර්ණය- ලා කොළ පැහැය                                             ජය අංකය – 03

ධනු ලග්නය

පරිනත ස්වභාවයකින් කටයුතු කර ආදායම් තත්ත්වය වැඩිකරගැනීමේ හැකියාව පවතින දිනයකි. උපදේශක කටයුතු වලට මෙන්ම උපකාරක පන්ති කටයුතු සඳහා ඉතා යහපතත් දිනයකි. ජීවිතේ පවතින වැරදි සහගත තත්ත්ව යටපත් කරගෙන වගකීමෙන් කටයුතු කරන දවසක් බවට ඔබ අද දිනය පත් කරගත හැකියි.

ජය වර්ණය- රන්වන් පැහැය                                                  ජය අංකය – 08

මකර ලග්නය

පෞරුෂය වර්ධනය වන දිනයකි. ඔබගේ වෘත්තීය ක්ෂේත්‍රයන් බොහොම පැහැදිලිව දියුණු කරගත හැකි දිනයකි. අසල්වාසීන්ගේ කටයුතු වලට මැදිහත් වීමට ගොස් ගැටලුකාරී තත්ත්ව ඇතිවන අතර වැඩිහිටියන් සමඟ මත ගැටුම් ඇතිවිය හැකි දිනයකි. උසස් පුද්ගලයින්ගෙන් ආශිර්වාදය ලැබෙන දිනයකි.

ජය වර්ණය – විසිතුරු පැහැය                                 ජය අංකය – 09

කුම්භ ලග්නය

සමාජය තුල කැපීපෙනෙන චරිතයක් බවට පත් වන දිනයකි. ඔබ අපේක්ෂා නොකරන ඉලක්ක ඔබේ ජීවිතයට උදාවීමේ හැකියාව ඇති දිනයකි. ඒ ඉලක්කය සාර්ථක කරගැනීම තුලින් ඔබට සියලු දෙනාගේම ප්‍රසාදයට පත්වීමේ හැකියාව පවතින දිනයකි. කැපවීමෙන් කටයුතු කල යුතු දිනයකි.

ජය වර්ණය – රතු පැහැය                                                ජය අංකය- 09

මීන ලග්නය

ඔබ සිදු කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වයට පත් කර ගැනීමේ හැකියාවක් පවතින දිනයකි. සියුම් අපල උපද්‍රව ඇතිවීමේ හැකියාවද පවතින දිනයකි. ස්නයුගත අබාධ තත්තව ඇතිවීමේ ඉඩක් පවතින දිනයකි.පරිපාලනමය කටයුතු වලට සුළු බාධාකාරී තත්ත්වයක් ඇතිවිය හැකියි.ඉදිකිරීම් හා යන්ත්‍ර සූත්‍ර ආශ්‍රිත කටයුතු වලට ඉතා සුභ දිනයකි.

ජය වර්ණය – ලා කොළ පැහැය                                           ජය අංකය – 06

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන –   076 67 65 353


News Articles
Latest Videos
Most Popular Post