News Line| Off Air
Generic placeholder image

Aug
1

කිසිවෙක් නොමැරුණ මෙක්සිකෝවේ භයානක ගුවන් අනතුර. – Photo

596 Views


කිසිවෙක් නොමැරුණ මෙක්සිකෝවේ භයානක ගුවන් අනතුර. – Photo

උඩින් යන එක තමයි ගමන් යන්න ආරක්ෂිතම ක්‍රමේ කියලා ගොඩක් අය කියන්නේ. හැබැයි ඉතින් උඩින් ගිහින් අනතුරක් වුනොත් ඇපත් නෑ. ඊයේ මෙක්සිකෝවේදී ගුවන් යානයක් අනතුරට ලක්වෙලා තියෙනවා.

අනතුරට ලක්වෙන වෙලාවේ යානය ඇතුලේ පුද්ගලයින් 101 ක් ඉඳලා තියෙනවා. ඒ මඟින් 97 ක් සහ කාර්ය මණ්ඩලය 4 ක්. උතුරු මෙක්සිකෝවේ පිහිටි Guadalupe Victoria ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයේදී තමයි අනතුර වෙලා තියෙන්නේ.

එරෝමෙක්සිකෝ ගුවන් සේවයට අයත් AM2431 දරන ගුවන් යානය තමයි අනතුරකට ලක් වුණේ. අයහපත් කාලගුණය මේ අනතුරට හේතුව වෙලා තියෙනවා. අනතුරින් පුද්ගලයින් 85 දෙනෙක් තුවාල ලබා තියෙනවා. හැබැයි වාසනාවට කාගේවත් ජීවිතයට හානියක් වෙලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post