දේශපාලනයට කතා විලාශය, හැසිරීම වගේම ඇඳුම, පැළඳුම වැදගත්. මොකද තමන්ගේ පෞර්ෂය පෙන්වන්න වගේම, කැපීලා පේන්නත් ඇඳුම උපකාරී වෙනවා.
සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලනඥයින් අදින ඇඳුම් වර්ග 2 ක් තියෙනවා. එකක් ජාතික ඇඳුම. අනිත් එක යුරෝපීය ඇඳුම. හැබැයි 2015 ජනාධිපතිවරණයේදී තවත් ඇඳුම් ලංකාවේ දේශපාලනයට එකතු වුණා. එ් තමයි “මෝදි කිට්” එක.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අඳින ඇඳුම වගේ ඇඳුමක් 2015 දී මෛත්‍රීපාල සිරිසේන මහතා අැන්දා ඔබට මතක අැති. එ් ඇඳුම රටේ ලොකු කතා බහකට ලක්වුණා.
ඊයේ ගාල්ලේ තිබ්බ උත්සවයකට අගමැතිතුමාත් මේ “මෝදි කිට්” එක ඇඳලා තිබ්බා. අගමැතිතුමාගේ මේ වෙනස ගැන හැමෝම කතා කරන්න පටන් අරන් තියෙනවා. මොකද මේ වෙද්දි 2020 ජනාධිපතිවරණයේ උණුසුමත් දැනෙන්න පටන් අරන් නිසා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතා මෝදි කිට් එක ඇඳපු පළවෙනි වතාව මේක නෙවෙයි. එතුමා කර්මාන්ත සහ යොවුන් අැමති වෙලා ඉන්න කාලයෙත් මේ ඇඳුම අැදලා තියෙනවා. 2020 ජනාධිපතිවරණයට කලඑලි බහින්න රනිල් මහත්තයා මේ ඇඳුම අැන්දද කියලා සමහරු කතා වෙන්න පටන් අරන්.