News Line| Off Air
Generic placeholder image

Aug
3

“අපි අතින් පොඩි පොඩි වැරදි වුණා.” – දික්වැල්ල ඇත්ත පිළිගනියි.

869 Views


“අපි අතින් පොඩි පොඩි වැරදි වුණා.” – දික්වැල්ල ඇත්ත පිළිගනියි.

ක්‍රිකට් ලෝක කුසලාන 2 ක් දිනා ගත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිට පිට 10 වෙනි වතාවටත් දකුණු අප්‍රිකාවට පැරදුනා. පළවෙනි එක්දින තරඟ 2 දී ලංකාව ක්‍රීඩා කරේ හරියට පාසල් ක්‍රිකට් කණ්ඩායමක් වගේ.

තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී දික්වැල්ල පරාජයට හේතු කිව්වා.

‘‘අපේ අතින් වැරදි වුණා තරගය පුරාවට. තරගයක් ජයග්‍රහනය කරනවානම් සුළු සුළු වැරදි හුගක් කරලා අපිට තරගයක් ජය ගන්න බැහැ. නමුත් වැරදි දෙක තුනක් වෙන්න පුළුවන්.

දෙවෙනි තරඟය පැරදුණේ සුළු සුළු වැරදි නිසා. අපි ඒ වැරදි හදාගෙන අපිට ජයග්‍රහනය කරා යන්න පුළුවන් නම් අපිට හොඳ දෙයක් ඒක තරගය ජයගන්න. ඒත් සුළු සුළු වැරදි තරගය පුරාවට හුඟක් වේලාවට කළොත් අපිට තරගය ජයගන්න අමාරුයි. මං හිතන්නේ ඒ සුළු සුළු වැරදි හදාගෙන ඉදිරි තරග 3 ක්‍රීඩා කළොත් අපිට අනිවාර්යෙන් ජය ගන්න පුළුවන්‘


News Articles
Latest Videos
Most Popular Post