News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
3

උසස් පෙළ දරුවන් වෙනුවන් මහා අබ තෙල් පහන් පූජාවක් කැලණිය පන්සලේදී.

1881 Views


උසස් පෙළ දරුවන් වෙනුවන් මහා අබ තෙල් පහන් පූජාවක් කැලණිය පන්සලේදී.

ලංකාවේ පාසල් සිසුන්ගේ ජීවිතේ කඩයිම් විභාග 3 ක් තියෙනවා. මුලින්ම ශිෂ්‍යත්ව විභාගය. ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගය. අන්තිමටම උසස් පෙළ විභාගය.

තවත් නොබෝ දිනකින් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. මේ විභාග දෙකට පෙනී ඉන්න සිසුන් වෙනුවෙන් විශේෂ පූජාවක් ඓතිහාසික කැළණිය රජමහා විහාරයේදී පැවැත්වෙනවා.

ඒ අබතෙල් පහන් පූජාවක්. අගෝස්තු 4 වෙනිදා හවස 6 ට තමයි මේ පූජාව පැවැත්වෙන්නේ. මේ මහා පිංකමේ ආනිසංසයෙන් විභාගයට පෙනී ඉන්න දූ දරුවන්ගේ මතක ශක්තිය සහ ධාරණ ශක්තිය වැඩි කර ගන්න ඉවහල් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ පෙර පිං ඉස්මතු කරගෙන විභාගය සාර්ථකව ජය ගන්න මනා පිටුවහලක් වෙනවා.

ඉතිං ඔබේ දුවා දරුවාත් මෙවර ශිෂ්‍යත්ව විභාගයට හරි උසස් පෙළ විභාගයට හරි මුහුණ දෙනවා නම් ඔවුනුත් සමඟ මේ මහා පූජාවට සහභාගී වෙලා ආශීර්වාද ලබා ගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මෙවර ශිෂ්‍යත්ව විභාගයට සහ උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔබ දන්නා සිසු සිසුවියන්ටත් මේ බව දැනුම් දෙන්න අමතක කරන්න එපා.


News Articles
Latest Videos
Most Popular Post