News Line| Off Air
Generic placeholder image

Aug
3

ක්‍රීඩාංගණය තුල මාලිංග ඉල්ලා බෝඩ් ඉස්සුවොත් පෙන්වන්න එපා. විදෙස් කැමරාකරුවන්ට උඩින් නියෝග.

6177 Views


ක්‍රීඩාංගණය තුල මාලිංග ඉල්ලා බෝඩ් ඉස්සුවොත් පෙන්වන්න එපා. විදෙස් කැමරාකරුවන්ට උඩින් නියෝග.

දැල්වෙන බල්බ් එකක් ඔබට කවදාවත් අතින් වහලා එළිය විහිදුවන එක නවත්වන්න බෑ. ඔබේ ඇඟිලි අතරින් බල්බයේ ආලෝකය එලියට විහිදෙනවා. ඒ වගේ තමයි සැබෑ දක්ෂයෙක්ව කවදාවත් යටපත් කරන් ඉන්න බෑ.

ඔබට මතක ඇති දඹුල්ලේ තිබ්බ දෙවෙනි තරඟයේදී ලසිත් මාලිංග නැවතත් කණ්ඩායමට ගන්න කියලා කරපු විරෝධතාවක් ගැන පුවත් අපි වාර්තා කරා. මේ පුවත් දැක්ක ගොඩක් අය කිව්වේ තරඟය අතරදී රූපවාහිනියෙන් මේ විරෝධතාව පෙන්නුවේ නැත්තේ ඇයි කියලා.

සියත 24 මේ ගැන කල හොයාබැලුවා. එහිදී අපිට හෙළිවුණේ ක්‍රිකට් බලධාරීන් “Criket 10” නාලිකාවේ කැමරාකරුවන්ට විරෝධතාකරුවන්ව පෙන්වන්න එපා කියලා උපදෙස් දීලා තියෙනවා.

ඒ වගේම මාලිංගගේ නම සඳහන් පුවරු ක්‍රීඩාංගණයට ගේන්න දෙන්න එපා කියලත් දැනුම දීලා තියෙනවා. ඒ නිසා සමහර පුවරු ක්‍රීඩාංගණයෙන් හොයා ගත්තා කඩදාසි වල තමයි ලියලා තිබුනේ.

“ගැහෙන හදවතේ එකම පැතුම. ආයෙත් මාලිව ගෙන්න.” – ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දඹුල්ලේ විරෝධතාවයක


News Articles
Latest Videos
Most Popular Post