News Line| Off Air
Generic placeholder image

Aug
3

රුසියාවේ Bike කල්ලියක් අසල්වැසි රටක බලකොටුවක් හදයි. පුටින්ගේ සැලසුමක් දැයි ලෝකෙටම සැකයක්. – Photo

1119 Views


රුසියාවේ Bike කල්ලියක් අසල්වැසි රටක බලකොටුවක් හදයි. පුටින්ගේ සැලසුමක් දැයි ලෝකෙටම සැකයක්. – Photo

ලෝක යුද්ධයක් නැති වුණාට ලෝක බලවතුන් තාමත් අනිත් රටවල් තමන්ගේ ග්‍රහණයට ගන්න එක නවත්වලා නෑ. ඒ සඳහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරනවා.

රුසියාවේ අසහාය නායකයා ව්ලැද්මීර් පුටින් රටවල් අල්ල ගන්න භාවිතා කරන්නේ මෝටර් බයිසිකල් කල්ලියක්. “Night Wolves” එහෙම නැත්නම් “රාත්‍රී වෘකයන්” කියලා තමයි ඔවුන්ව හඳුන්වන්නේ.

මේ රුසියානු බයිසිකල් කල්ලිය පහුගිය දා ස්ලෝවැකියාවේ කඳවුරු බන්දලා. මේ නිසා ස්ලෝවැකියාවේ ජනාධිපති අන්ද්‍රේ කීස්කා හොඳටම කලබල වෙලා. ස්ලෝවැකියාවේ අගනගරය වන බ‍්‍රැටිස්ලාවාවලට සැතපුම් 44ක් දුරින් පිහිටි පැරණි ඌරුකොටුවක තමයි Night Wolves මෝටර් බයිසිකල් කල්ලිය කඳවුරු බන්දලා තියෙන්නේ.

ඔවුන් එය අධිආරක්ෂිත බලකොටුවක් වගේ හදලා තියෙනවා. ඔවුන් එය විවෘත කරාට පස්සේ අලුතින් 200 දෙනෙක් බඳවාගෙන තියෙනවා. අලුතින් බඳවා ගත් සාමාජිකයින්ට අතිරේක හමුදා බලඇණියක් විදියට පුහුණු වීමක් ලබා දෙනවා කියලා එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ කණ්ඩායමට නායකත්වය දෙන්නේ “ඇලෙක්සැන්ඩර් සැල්දෝස්තනොව්” නමැති රුසියාවේ හිටපු වෛද්‍යවරයෙක්. ඔහු ව්ලැද්මීර් පුටින්ගේ සමීපතමයෙක් කියලත් සැලකෙනවා. රුසියානු හිතවාදී කැරැල්ලක් යුක්රේනය තුල ඇති කරපු නිසා ඔවුන්ට 2014 දී ඇමෙරිකාව සම්බාධක පනවලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post