ඩිජිටල් මාධ්‍ය කලාවේ පෙරළිකාරයා සියත 24 වෙබ් අඩවිය ඊයේ පළවෙනි සංවත්සරය සැමරුවා. කෙටි කලකින් විශාල ජනතා ආකර්ෂණයක් ගත්ත 24 වෙබ් අඩවිය පළවෙනි සංවත්සරය විශාල සංගීත ප්‍රසංගයක් සූදානම් කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තිබුණා.
ඒ අතරේ තමයි අපිට හැඳල ලාදුරු රෝහල ගැන දැනගන්න ලැබෙන්නේ. වැරදි වැටහීම් නිසා සමාජයෙන් පිටුවහල් කරපු පිරිසක් මේ රෝහලේ තමන්ගේ ජීවිත කාලයම ගත කරනවා. සදාචාරාත්මක වෙබ් මාධ්‍ය කලාවක පෙරගමන්කරු විදියට සියත 24 තමන්ගේ පළවෙනි සංවත්සරය ඔවුන් එක්ක ගත කරන්න දෙපාරක් හිතුවේ නෑ.
ඊයේ උදේම අපි ගියා ඔවුන් හොයාගෙන. අපේ ගමනට ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම සංගීත අධ්‍යක්ෂවරයෙක් වන සංඛ දිනෙත් සහ ජනප්‍රිය ගායන ශිල්පී කාශ්‍යප දිසානායක එකතු වුණා.
ඒ රෝහලේ හිටිය ලාදුරු රෝගීන් 24 දෙනා එක්ක සියත කණ්ඩායම උදය වරුවම ගත කරා. සංඛ දිනෙත් සහ කාශ්‍යප ඔවුන් එක්ක කිව්වා. පළවෙනි වතාවට සංඛ සිංදු කියද්දී ඔහුට සංගීතය සැපයුවේ මේ රෝහලේ රෝගීන්මයි. ඔවුන් අපිත් එක්ක කේක් කපලා සතුටු වෙන්නත් අමතක වුණේ නෑ. වෙනදට වාටුවේ මුල්ලක තියෙන පුංචි රූපවාහිනී තිරයෙන් දකින ගායකයන් ඔවුන් එක්ක සිංදු කියද්දී ඒ ඇස්වල තිබ්බේ පුදුම සතුටක්.
අපි හදද්දී ඔවුන් සේරම කිව්වේ එකම කතාවක්. “අපිව බලන්න ආවට, අපිත් එක්ක ආදරය බෙදා ගත්තට ගොඩක් පිං. ආයෙත් දවසක අපිව බලන්න එන්න.”
මේ තියෙන්නේ සියත 24 තමන්ගේ පළවෙනි සංවත්සරය ඔවුන් එක්ක ගතකරපු විශේෂ වැඩසටහන…