News Line| Off Air
Generic placeholder image

Aug
4

“ICC ය මේ ගැන පරීක්ෂණයක් තියන්න ඕන” – අර්ජුන “දඹුල්ලට මට බැරි නම් කාටද පුළුවන්.” – තිලංග

1414 Views


“ICC ය මේ ගැන පරීක්ෂණයක් තියන්න ඕන” – අර්ජුන “දඹුල්ලට මට බැරි නම් කාටද පුළුවන්.” – තිලංග

අල්ජසීර රූපවාහිනියෙන් පහුගිය දවසක ලංකාවේ ක්‍රිකට් තණතිලි මුදලට වෙනස් කරන හැටි වාර්තා වැඩසටහනක් කරා. ඒ ගැන කතා බහ අවසන් වෙන්නත් කලින් තවත් ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල දඹුල්ල ක්‍රිකට් පිටිය පරික්ෂා කරන ඡායාරුප පෙළක් මාධ්‍යට නිකුත් වුණා. ඔහු මේ පරික්ෂා කිරීම කරලා තිබ්බේ දකුණු අප්‍රිකාව සමඟ පළවෙනි එක්දින තරඟයට කලින්. මේ වෙද්දී ක්‍රිකට් ආයතනයේ බලතල නැති ඔහු මේ විදියට ගිහින් තණතිල්ල පරික්ෂා කරේ කොහොමද කියලා ලොකු කතා බහක් ඇති වුණා.

මේ සිදුවීම ගැන හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා මාධ්‍යට අදහස් දැක්වුවා. “ලෝක ක්‍රිකට් කවුන්සිලය හොයලා බලන්න ඕන කොහොමද එයා ක්‍රීඩාංගණයට ගියේ කියලා. මාධ්‍යයෙන් කියනවා ඔට්ටු අල්ලන ප්‍රතිශතයත් වෙනස් වුණා කියලා.” කියලයි ඔහු කිව්වේ.

ඊයේ කොළඹ තිබ්බ මාධ්‍ය හමුවකින් පස්සේ තිලංග සුමතිපාල මහතාගෙනුත් මාධ්‍යවේදීන් මේ ගැන ඇහුවා. මම ක්‍රීඩාංගණයට ගියා. නමුත් තණතිල්ලට ගියේ නෑ. දඹුල්ල ක්‍රීඩාංගනයට මට යන්න බැරි නම් කාටද යන්න පුළුවන්” කියලයි ඔහු අදහස් දැක්වුවේ.


News Articles
Latest Videos
Most Popular Post