News Line| Off Air
Generic placeholder image

Aug
4

තරඟාවලි පරාජය ලංකාවට උරුම වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1577 Views


තරඟාවලි පරාජය ලංකාවට උරුම වෙයිද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

පරාජයේ රැල්ලට ගහගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණයේ තුත්තිරි ගහක් හොයන වෙලාවක් මේක. දකුණු අප්‍රිකාව එක්ක 3 වෙනි එක්දින තරඟය හෙට නුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

මේ වෙද්දී එක්දින තරඟාවලියේ පළවෙනි තරඟ 2 ම දිනලා දකුණු අප්‍රිකාව හොඳ මානසිකත්වයකින් ඉන්නවා. හෙට තරඟයත් ඔවුන් ජයග්‍රහණය කරොත් තරඟාවලියේ ජයග්‍රහණයත් ඔවුන්ට හිමි වෙනවා. ඒ නිසා හෙට තරඟය අනිවාර්යෙන්ම දිනන්න ලංකාවට සිද්ධ වෙනවා.

මීට කලින් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක්දින තරඟ 3 කදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී මුණගැහිලා තියෙනවා. ඉන් තරඟ 2 ක් ම ලංකාව ජයග්‍රහණය කරලා තියෙනවා. කොහොම වුනත් මේ තරඟය ජයග්‍රහණය කරන්න නම් ශ්‍රී ලංකා කණ්ඩායම පළවෙනි තරඟ වල දක්වපු දුර්වල පන්දු රැකීම් නිවැරදි කර ගන්න වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post