News Line| Off Air
Generic placeholder image

Aug
6

ඉතිහාසයේ පළමු වරට ICC ශ්‍රේණිගත කිරීම් වල කෝලි ලෝකයෙන්ම එක වෙයි.

471 Views


ඉතිහාසයේ පළමු වරට ICC ශ්‍රේණිගත කිරීම් වල කෝලි ලෝකයෙන්ම එක වෙයි.

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක විරාට් කෝලි එංගලන්තයේ ටෙස්ට් පිතිකරුවන් සඳහා වන ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ප්‍රථම වතාවට මුල් තැනට එන්න සමත්වෙලා තියෙනවා. මීට කලින් අවසන් වතාවට මෙම ස්ථානය ලබාගැනීමට සමත්වුණ ඉන්දියානු ක්‍රීඩකයා වුනේ සචින් ටෙන්ඩුල්කාර් (2011 ජූනි මාසයේදී). මේ ශ්‍රේණිගත කිරීමත් එක්ක විරාට් කෝලි, හත්වැනි ඉන්දියානු පිතිකරුවා බවට පත්වෙනවා.

කෝලි සහ ටෙන්ඩුල්කාර් හැරුණු විට රාහුල් ඩ්රාවිඩ්, ගෞතම් ගාම්බීර්, සුනිල් ගවස්කාර්, විරේන්ද්ර සෙවාග් සහ ඩිලිප් වන්ග්සාර්කාර් තමයි මේ විදිහේ ශ්‍රේණිගත කිරීම් වල ආපු අනිත් ඉන්දියානු පිතිකරුවන් වෙන්නේ.

කොහොම වුණත්, ලකුණු 934 ක් ලබා ගනිමින් ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉහළම පිතිකරුවා බවට පත්වෙන්න විරාට් කෝලි සමත්වෙලා තියෙනවා. ඒ නිසා ඉහළ තැනක හිටපු ස්ටීව් ස්මිත් ICC ශ්‍රේණිගත කිරීම් වලට අනුව දැන් ඉන්නේ දෙවන තැන.

කොහොම වුනත් ICC ශ්‍රේණිගත කිරීම්වල 08 වන ස්ථානය රැකගන්න ශ්‍රී ලංකාවේ දිනේෂ් චන්දිමාල් සමත්වෙලා ඉන්නවා.

https://twitter.com/ICC/status/1025988852035379200


News Articles
Latest Videos
Most Popular Post