News Line| Off Air
Generic placeholder image

Aug
7

අද ලග්න 2 කට විදේශගතවීම් වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

793 Views


අද ලග්න 2 කට විදේශගතවීම් වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු මස 07 වෙනි අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා  සවස  03.22 සිට සවස  04.55 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අළුයම  03.10 සිට අලුයම 04.38 දක්වා

සුභ දිශාව – දකුණ 

මරු සිටින දිශාව  – උතුර

මේෂ ලග්නය

කටහඬ යොදවා සිදු කරන කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි.සමාජය තුල කැපී පෙනෙනෙන චරිතයක් බවට පත්වේ.ඕනෑම සංකීර්ණ දෙ‍යක් පහසුවෙන් අනික් අයට කියාදීමේ හැකියාව සහිත දිනයකි.ගේදොර පිලිබඳව මෙන්ම  මව්පියන් පිළිබඳව සොයාබැලීමට කරන දිනයකි. ගේදොර මිලදී ගැනීමට මෙන් ම අලුත්වැඩියා කටයුතු සඳාහා ද ඉතා යෝග්‍ය දිනයකි.
ජය වර්ණය – ලා රතු පැහැය                                                 ජය අංකය- 02

වෘෂභ ලග්නය

ප්‍රිය සම්භාෂන මෙන්ම දුර හමන් යෙදෙන දිනයකි.සියලු කටයුතු සඳහා සුභ තත්ත්වයක් අද ඔබට පවතී. කල්පනාකාරීම කටයුතු කරන්න.ඔබ සිදු කරන ඕනැම කටයුත්තක් ඉතා සාර්ථක දිනයකි.
ජය වර්ණය – සුදු පැහැය                                             ජය අංකය -01

මිථුන ලග්නය

අනවශ්‍ය වියදම් අධික දිනයකි.කේන්තියෙන් ද්වේශයෙන් කිසිඳු ලෙසක ලියවිලි කටයුතු සිදු නොකළ යුතු දිනයකි.මූල්‍ය අංශයේ කටයුතු වලදී ඉතා ප්‍රවේශම්කාරීවිය යුතුයි. ලේඛන ශක්තිය, සෘජු ගති පැවතුම් හා ආදරය පිලිබඳව වැඩි අවධානයක් ලබාදෙන දිනයකි.
ජය වර්ණය- කොල හා තද කහ පැහැය                                                    ජය අංකය – 03

කටක ලග්නය

අන් අයගේ උදව් උපකාර වැඩි වශ‍යෙන් ලැබෙන දිනයකි. ජනප්‍රිය වීමේ භාග්‍ය ඇති දිනයකි.හදිසි ධන ලාභ ද ලැබෙන දිනයකි. ගිනුම් ආරම්භ කිරීමට මෙන්ම ඉතිරි කිරීමේ කටයුතු වලට ඉතා යෝග්‍ය දිනයකි.
ජය වර්ණය – සුදු පැහැය                                                           ජය අංකය – 02

සිංහ ලග්නය

රැකියාව පිළිබඳව යම් කලකිරීමක් ඇතිවන දිනයකි. ඒ නිසා ඔබේ රැකියාව මාරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම සුභ දිනයක් ලෙස අද දිනය හැඳින්විය හැකියි. අතිරේක ව්‍යාපාර ආරම්භ කිරීමට ඉතා යහපත් දිනයකි. ස්වාධීනත්වයෙන් යුතුව වැඩකරන දිනයකි.
ජය වර්ණය- රන්වන් පැහැය                                          ජය අංකය -01

කන්‍යා ලග්නය

නිදන් ගත හා මෙතෙක් සුව කරගැනීමට නොහැකිව තිබූ රෝගයක් සුව වන දිනයකි. අසමත් වූ විශයක් පිළිබඳව නව ආරම්භයක් ගෙන එයින් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකි දිනයකි. මව් පිය උරුම මෙන්ම ලැබීම ඇති දිනයකි.
ජය වර්ණය- ලා කොළ පැහැය                                       ජය අංකය-  09

තුලා ලග්නය

ඇළ, දොල වල ස්නානය මෙන්ම සුරතල් සතුන් ආශ්‍රිත දේවල් වලට ඉතා අහිතකර දිනයකි. සෑම විටම ඉතා ආරක්ෂාකාරී විය යුතු දිනයකි. ගෙදරට අවශ්‍ය දෑ මිලඳී ගැනීමට ඉතා යෝග්‍ය දිනයකි.
ජය වර්ණය – ලා තැඹිලි පැහැය                                      ජය අංකය – 08

වෘශ්චික ලග්නය

 

රථවාහන මෙන්ම තනතුරු ලැබීමේ භාග්‍ය ඇති දිනයකි. විදේශ ගත වීමේ කටයුතු වලට ඉතා යෝග්‍ය දිනයකි. මංගල යෝග ඇති දිනයකි.
ජය වර්ණය- ලා රතු පැහැය                                             ජය අංකය – 07

ධනු ලග්නය

ආහාර රටාව පිලිබඳව ඉතා සැලකිලිමත් විය යුතු දිනයකි. සෞඛ්‍ය පීඩාකාරී තත්ත්ව ඇතිවන දිනයකි. විභාග වලට මුහුන දීමට , පොත් පත් ආශ්‍රිත වැඩ කටයුතු සඳහා ඉතා යෝග්‍ය දිනයකි.
ජය වර්ණය- තද කහ පැහැය                                                  ජය අංකය – 06

මකර ලග්නය

අත පසු උන වැඩ නැවත ආරම්භ කිරීම සඳහා ඉතා යෝග්‍ය දිනයකි. රාජකාරි ස්ථානයේ වගකීම් වැඩි වන දිනයකි. උසස් අධ්‍යාපන කටයුතු වලට ඉතා යෝග්‍යවේ. විදේශ ගත වීමේ කටයුතු සූදානම් කිරීමට හොඳ දිනයකි.
ජය වර්ණය-  නිල් පැහැය                                 ජය අංකය – 05

කුම්භ ලග්නය

ආදරය සෙනෙහස වැඩිපුර ලැබෙන සහ ලබා දෙන දිනයකි. මව් පිය උරුමය ලෙස දේපල හිමිවන දිනයකි. මුදල් ලාභ ද හිමිවන දිනයකි. කරුණාවන්තභාවය ඔබ කෙරෙහි ඉතා ඉහලින් ලැබෙන දිනයකි. රෝග සුව වන දිනයකි. එමෙන්ම ලෝහ ගතියක් දැනෙන දිනයකි.
ජය වර්ණය – ලා නිල් පැහැය                                                ජය අංකය- 04

මීන ලග්නය

විනෝදාත්මක ගතියක් ඇති දිනයකි. සහෝදරයන් පිලිබඳව වැඩිපුර කටයුතු කිරීමට සිදුවන දිනයකි. දෙමාපියන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට වැඩි අවධානයක් ලබා දෙන්න. රහස් සතුරු කුමන්ත්‍රණයක් අද එලිවේ.
ජය වර්ණය – කහ පැහැය                                           ජය අංකය – 03

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී – ලක්ෂ්මන් ලියනගේ
දුරකථන –   011 5 010 829


News Articles
Latest Videos
Most Popular Post