News Line| Off Air
Generic placeholder image

Aug
7

ඉතිරි දෙකත් ලේසි නිසා දකුණු අප්‍රිකාව නායකයාව ගෙදර යවයි.

888 Views


ඉතිරි දෙකත් ලේසි නිසා දකුණු අප්‍රිකාව නායකයාව ගෙදර යවයි.

එක්දින තරඟාවලිය මේ වෙද්දී දකුණු අප්‍රිකාවට Off Season එකක් වෙලා තියෙන්නේ. පළවෙනි තරඟ 3 ම ලංකාව උඩින්ම පැරදුණා. කොහොම වුනත් 4 වෙනි තරඟයේ ලංකාවට සහනයක් වෙන ආරංචියක් ලැබුණා.

ඒ දකුණු අප්‍රිකානු නායකයා ෆෆ් ඩු ප්ලෙසිස් ශ්‍රී ලංකා සංචාරයේ ඉතිරි තරඟ වලින් ඉවත් කරලා තියෙනවා. ඒ ඔහුගේ උරහිසේ ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව වෙලා නැති නිසා. පල්ලෙකැලේ තිබ්බ 3 වෙනි තරඟයේදී පන්දු රකිමින් සිටියදී තමයි මේ අබාධය ඇති වුණේ.

මේ නිසා අවසන් එක්දින තරඟ 2 ට සහ T20 තරඟයට අලුත් නායකයෙක් දකුණු අප්‍රිකාව පත් කරන්න නියමිතයි. බොහෝ විට හෂීම් අම්ලාට හරි ඒඞ්න් මාක්‍රම්ට ඒ වගකීම පවරයි කියලයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post