News Line| Off Air
Generic placeholder image

Aug
7

නාසා ආයතනය ප්‍රදර්ශනය කරන බුලතා යෝධයාගේ ඇටසැකිල්ලේ ඇත්ත කතාව මෙන්න. – Photo

4033 Views


නාසා ආයතනය ප්‍රදර්ශනය කරන බුලතා යෝධයාගේ ඇටසැකිල්ලේ ඇත්ත කතාව මෙන්න. – Photo

මේ දවස්වල බුකියේ වැඩියෙන්ම Share වෙන Post එකක් තියෙනවා. ඒ රුවන්වැලි සෑයේ කැනීම් වලදී හමුවුන බුලතා යෝධයාගේ ඇටසැකිල්ල කියනා විශාල මිනිස් සැකිල්ලක්.

මීටර් 28 ක් දිග ටොන් 8 ක් බර මේ සැකිල්ල විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා ලන්ඩන් කෞතුකාගාරයට යවලා කියකත් ඒ Post එකේ සඳහන් වෙනවා. පසුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ තීරණයක් නිසා ඇමෙරිකාවේ ඒරියා 51 වල සඟවාගෙන හිටියා කියලත් එහි සඳහන් වෙනවා. මේ දවස්වල එය මහජන ප්‍රදර්ශනයට තියලා තියෙනවා කියලත් වැඩි දුරටත් සඳහන් වෙනවා.

මේ කතාවේ ඇත්ත නැත්ත අපි හොයලා බැලුවා. රුවන්වැලි සෑයේ කැනීම් වලදී ඇටසැකිල්ලක් හොයා ගත්තා කියන කතාව පට්ට පල් බොරුවක් කියලා පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලවල් මේධානන්ද හිමියන් සඳහන් කරනවා.

එහෙනම් මේ යෝධ සැකිල්ල කාගේද? ඇත්තට මේ සැකිල්ල සැබෑ මිනිස් සැකිල්ලක් නෙවෙයි. මිනිස් සැකිල්ලක හැඩයට හදපු විශාල අනුරුවක්. ජිනෝද ඩොමිනික්ස් කියන කලාකරුවා තමයි මේ දැවැන්ත සැකිල්ල නිර්මාණය කරලා තියෙන්නේ. අනුරුව හදලා සුළු මොහොතකින් ඔහු මිය ගිහින් තියෙනවා.

කැලමිටා කොමිස්කා කියලා නම් කරලා තියෙන මේ අනුරුව ජිනෝද ඩොමිනික්ස් සිහිකිරීමක් විදියට යුරෝපය පුරා ප්‍රදර්ශනය කරනවා. බුකියේ පොස්ට් වල share වෙන පහොටෝ එක අරගෙන තියෙන්නේ මිලානෝ වල ප්‍රදර්ශනය කරන අවස්ථාවේ.


News Articles
Latest Videos
Most Popular Post