News Line| Off Air
Generic placeholder image

Aug
7

High Speed ලැම්බෝගිනි පැද්දට ලක්ෂ 76 ක දඩයක්.

1084 Views


High Speed ලැම්බෝගිනි පැද්දට ලක්ෂ 76 ක දඩයක්.

සමහරුන්ට වාහනයක් හම්බුණාම ඉන්නේ කොහෙද කියලා මතක නෑ, Speed මීටරේ කට්ට එලියට පනිනකම් ලෑල්ලට පාගනවා. ඒ වගේ යන ය ගොඩක් වෙලාවට නවතින්නේ දඩයක් කාලා. එහෙම නැත්නම් රෝහලේ.

26 හැවරිදි බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයෙක් දුයි වලින් ලැම්බෝගිනි කාර් එකක් Rent එකට අරගෙන පැදලා. හිමීට නම් නෙවෙයි පැයට කිලෝමීටර් 231 ක වේගයෙන්. ඩුබායි හි පිහිටි ෂික් සෙයිඩ් මාර්ගයේ තමයි ඔහු මේ විදියට වාහනය පදවලා තියෙන්නේ. එම මාර්ගයේ ස්ථාපිත කර තිබෙන ස්වයංක්‍රිය වේග මාපක 33 ක් පසුකර ගිහින්. ඒ හැම වේග මාපකයකම අධි වේගයෙන් රිය පැදවීමට දඩ පත්‍රිකා නිකුත් කරලා.

හැබැයි මේ දඩ ගෙවන්න වෙලා තියෙන්නේ මෝටර් රථය බදු දුන්න සමාගමට. මුළු දඩ මුදල ඇමෙරිකානු ඩොලර් 47,600 ක්. ශ්‍රී ලංකාවේ මුදලින් නම් රුපියල් හැත්තෑ හය ලක්ෂ දහසය දහසක් (රු. 7,616,000) වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post