ඇද වුන බලු වලිගයක් උණ පුරුකේ දාලවත් කෙලින් කරන්න බෑ කියනවනේ. ඒ වගේ තමයි සමහර මිනිස්සු කොච්චර හරි මඟට ගන්න හැදුවත් යන්නෙම නොමඟ.
වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් දෙන්නෙක්ට ස්ථාන මාරු දෙන්න යනවා. වෙලේ සුදා සහ සුසෙයි තමයි මේ විදියට වෙනත් බන්ධනාගාර දෙකකට මාරුකරලා යවන්න හදන්නේ.
ඔවුන් දෙදෙනා මේ වෙද්දී වැලිකඩ බන්ධනාගාරයේ වයි.ඕ. වාට්‌ටුව ආසන්න සිර මැදිරියක රඳවා ඉන්නවා. බන්ධනාගාරයේ හිටියත් ඔවුන් ජංගම දුරකථන වලින් දිගින් දිගටම මත්කුඩු ජාවාරම මෙහෙයවනවා කියලා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ බුද්ධි අංශ වාර්තා කරනවා.
ඒ නිසා තමයි වෙලේ සුදා සහ සුසෙයි වෙනත් බන්ධනාගාර වලට යවන්න හේතු වෙලා තියෙන්නේ. ආරංචි වෙන විදියට සුසෙයි අනුරාධපුර බන්ධනාගාරයටත් වෙලේ සුදා අඟුණකොළපැලැස්‌ස බන්ධනාගාරයටත් මාරු කරලා යවනවා.