News Line| Off Air
Generic placeholder image

Aug
8

බෝට්ටුවෙන් එන්න එපා කියූ පසු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් වැඩි වෙලා.

1654 Views


බෝට්ටුවෙන් එන්න එපා කියූ පසු ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් වැඩි වෙලා.

ශ්‍රී ලාංකිකයන් වැඩියෙන්ම සංක්‍රමණය වෙන රටක් තමයි ඕස්ට්‍රේලියාව. ලාංකිකයන් කොච්චර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙනවද කියනවා නම් අන්තිමේදී ලංකාවේ අයට කියලා ඕස්ට්‍රේලියානු රජය දැන්වීම් පවා දැම්මා.

ඕස්ට්‍රේලියාවේ ජනගහණය අඟහරුවාදා වනවිට (අගෝස්තු 07) මිලියන 25 ට ලඟා වුණා. මේ වාර්තාවත් එක්ක ශ්‍රී ලාංකිකයන් ඕස්ට්‍රේලියාවට කරපු බලපෑම හෙළිවෙලා තියෙනවා. 2011 වසරේ කළ සංගණනයේදී ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවේ උපත ලද පුද්ගලයන් 86,413 ක් වාර්තා වෙලා තියෙනවා. 2006 දී කල සංගණනය එක්ක බැලුවම 38% ක් වැඩි වීමක්.

ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන්ගෙන් 94% ක් ජීවත් වන්නේ ප්‍රධාන නගර ආශ්‍රිතව. මෙල්බර්න් නගරයේ පමණක් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සංක්‍රමණිකයෝ 42,000 ක් ඉන්නවා. මෙහෙම ගියොත් අනාගතයේ ඕස්ට්‍රේලියාව තවත් ශ්‍රී ලංකාවක් වෙන්නත් බැරි නෑ.


News Articles
Latest Videos
Most Popular Post