සක්විති රජු වුනත් වැරද්දක් කරොත් දඬුවම් ලබන්නම වෙනවා. අධිකරණයට අපහාස කල වරදට බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම වුණා. ඒ වසර සිරදඬුවම වසර 6 කින් ගෙවී යන විදියට.
ඥාණසාර හිමියන්ට එරෙහිව ඉදිකර තිබූ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ චෝදනා 4 කට උන්වහන්සේ වරදකරු වුණා. අද තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේ ඥානසාර හිමියන් අධිකරණයේ පෙනී සිටියේ නෑ.
උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කිව්වේ න්වහන්සේ අසනීප ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා කියලා.