News Line| Off Air
Generic placeholder image

Aug
9

කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ සුපිරි ජයග්‍රහණයේ රහස් තිසර සහ දසුන් හෙළිකරයි. – Video

1317 Views


කලකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ලැබූ සුපිරි ජයග්‍රහණයේ රහස් තිසර සහ දසුන් හෙළිකරයි. – Video

කාලෙකට පස්සේ කණ්ඩායමම එකතු වෙලා ලබා ගත්ත ජයග්‍රහණයක් අපිට ඊයේ බලා ගන්න පුළුවන් වුණා. අර්ධ ශතක 3 ක් ඊයේ පිතිකරුවන් වාර්තා කරා. ඒ වගේම පන්දු යවෙමේදී වගේම පන්දු රැකීමේදී සුපිරි දස්කම් දක්වන්න අපේ සිංහයන්ට පුළුවන් වුණා.

තරඟයෙන් පස්සේ දසුන් ශානක සහ තිසර පෙරේරා ඊයේ තරඟයේ ජයග්‍රහණය කරපු රහස මාධ්‍යට හෙළිකරා. “Coaching Staff එක නිසා තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණේ. ඔවුන් හොඳ හයෝගයක් අපිට දෙනවා. අපේ දක්ෂතා වර්ධනය කර ගන්න.” කියලයි ඔවුන් දෙදෙනාම මුලින්ම කිව්වේ.

ශ්‍රී ලංකාව ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාවකට ගෙනියන්න දසුන්ගේ සහ තිසරගේ සුපිරි සබඳතාව සමත් වුණා. ඔවුන් දෙදෙනා 7 වෙනි කඩුල්ලට වේගවත් ලකුණු 109 ක් රස කරා. පිටිය මැදදී ඔවුන්ගේ ලකුණු සබඳතාව සැලසුම් කරපු හැටි තිසර හෙළිකරා.

“දසුන් ආව ගමන් මම කිව්වේ අපේ Shots නවත්වන්න හොඳ නෑ කියලා. මුලින් Plan කරේ Over 3 න් 3 ට. පස්සේ අපි 280 ක Target එකක් තියා ගත්තා. දසුන් හොඳට 6, 4 ඒවා ගැහුවා නිසා අපිට ලකුණු 300 ට එන්න පුළුවන් වුණා.”

ඊයේ තරඟයේදී ලංකාවේ පන්දු යවන්නන්ගේ හැකියාවන් හොඳින් බලා ගන්න පුළුවන් වුණා. විශේෂයෙන්ම කලකට පස්සේ අසන පන්දුවාර කිහිපය ඉතාම හොඳින් යවනවා බලා ගන්න පුළුවන් වුණා. ලංකාවේ පන්දු යවන්නන්ගේ රහස තිසර කිව්වේ මේ විදියට. “අන්තිම Overs වල යෝකර් අමතක කරා. ටෙස්ට් ලයිනල් ලෙන්ත් තමා බෝල් කරේ. එකෙන් අපි සාර්ථක වුණා.”

https://www.facebook.com/srilankacricket/videos/2707992772565246/


News Articles
Latest Videos
Most Popular Post