ඊයේ හවස දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කරපු වර්ජනයට මුල් වෙලා තියෙන්නේ වැටුප් ප්‍රශ්නයක්. ඇත්තටම් දුම්රිය සේවකයින්ට ලැබෙන වැටුප මදිද? ඒ නිසා සියත 24 දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැන හොයලා බැලුවා.
දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කළමණාකාර තනතුරුවල විශේෂ ශ්රේිණියට තනතුරු වලට ලැබෙන ආරම්භක වැටුප රුපියල් 44600 ක්. ඔවුන් දැන් ඉල්ලන වැටුප් වැඩි කිරීම් සිදු කලොත් ඔවුන්ගේ ආරම්භක වැටුප රුපියල් 56205 ක් වෙනවා.
මේ ආරම්භක වැටුප විතරයි. අනෙකුත් දීමනා සහ පහසුකම් එකතු වෙද්දී රුපියල් 250, 000 ක විතර මාසික වැටුපක් ඔවුන්ට ලැබෙනවා කියලා මහ භාණ්ඩාගාරය සඳහන් කරනවා.
ඔවුන්ගේ වැටුප් තවත් වැඩි කලොත් රාජ්‍ය සේවයේ අනෙක් අංශ වලත් වැටුප් විෂමතාවයක් වැඩි වෙනවා. ඒ අනුව ඉංජිනේරු, ගණකාධිකාරි, වාස්තු විද්‍යාඥ, වෛද්‍ය සේවා, කෘෂිකාර්මික, මිනින්දෝරු, සහකාර පොලිස් අධිකාරී යන වෘත්තීය සේවාවන්ට අයත් නිලධාරීන්ගේ වැටුප් වැඩි කරන්න වෙනවා.
පහළ තියෙන්නේ ලංකාවේ රාජ්‍ය සේවකයින්ගේ ආරම්භ වැටුප් වල දර්ශකයක්. මේ දර්ශකයේ දුම්රිය සේවකයින්ට අඩු වැටුපක් තියෙන බවක් තමයි පෙන්නේ. හැබැයි ඒ ලයිස්තුවේ අතීකාල දීමනා ලැබෙන්නේ දුම්රිය සේවකයින්ට විතරයි.
දුම්රිය රියදුරෙක් කොළඹ කොටුවේ ඉඳලා රඹුක්කනට දුම්රිය ධාවනය කරා කියලා හිතන්න. ඒ රියදුරා එදා රාත්‍රිය රඹුක්කන ගත කරලා පහුවදා කොළඹට ඇවිත් අත්සන් කරන තුරු කාලය අතීකාල දීමනා විදියට සැලකෙනවා. ඒ කියන්නේ ඔහු නිදා ගත්ත වෙලාවටත් අතීකාල දීමනා ගෙවනවා.