සංගක්කාරගේ සමුගැනීමෙන් පස්සේ ලෝක ක්‍රිකට් පිටියේ ඒ තැනට එන්න සුදුසුකම් තිබ්බේ එක ක්‍රීඩකයෙක්ට විතරයි. ඒ වීරත් කෝලි. ඔහු පහුගිය දා සංගාගේ තැන අරගන්න සමත් වුණා.
ඒ ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල අංක 1 ට ඇවිත්. එංගලන්තය එක්ක තිබ්බ ටෙස්ට් තරඟාවලියේ දක්වපු දස්කම් නිසා තමයි ඔහුට පළවෙනි තැනට එන්න පුළුවන් වුණේ. ඒ වගේම ICC එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල මුල් තැන දිනාගෙන ඉන්නෙත් විරාත් කෝලි.
හිටපු ඕස්ට්‍රේලියා ක්‍රිකට් නායකයෙක් වන steve Waugh සඳහන් කරන්නේ වර්තමානයේ ලෝකයේ ඉන්න හොඳම තාක්ෂණයක් සහිත පිතිකරුවා කියලා. ඒ වගේම කෝලිට අභියෝගයක් වෙන පිතිකරුවන් කිසිවෙක් දැන් නෑ කියලත් ඔහු සඳහන් කරා.
මීට කලින් ICC ශ්‍රේණිගත කිරීම වල පළවෙනි ස්ථානයේ හිටියේ හිටපු ඕස්ට්‍රේලියානු නායකයා ස්ටීව් ස්මිත්. හැබැයි ඔහුට අවුරුද්දක තරඟ තහනමක් පනවපු නිසා කෝලිට ඔහුගේ තැන ගන්න පහසු වුණා.