News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
10

ලෝකයේ පළවෙනි අභ්‍යවකාශ හමුදාව ඇමෙරිකාව නිර්මාණය කරයි.

652 Views


ලෝකයේ පළවෙනි අභ්‍යවකාශ හමුදාව ඇමෙරිකාව නිර්මාණය කරයි.

ලෝක බලවතුන් හැම තිස්සෙම බලන්නේ අනිත් රටවලට වඩා යුධ බලය වැඩි කර ගන්න. හොලිවුඩ් චිත්‍රපටිවල දකින්න තියෙන දෙයක් තමයි අභ්‍යවකාශ හමුදා සහ යුද්ධ. නුදුරේදීම ඒ දේවල් සැබෑවක් වෙන්නයි යන්නේ.

ලෝකයේ පළවෙනි වරට අභ්‍යවකාශ හමුදා බලඇණියක් හදන්න ඇමෙරිකාව සූදානම් වෙනවා. ඇමෙරිකාවේ 6 වෙනි හමුදා කණ්ඩය විදියට තමයි අභ්‍යවකාශ හමුදාව නිර්මාණය කරන්නේ.

ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් ඊයේ මේ බව අනාවරණය කලා. ඔහු කිව්වේ ඇමෙරිකාවේ මීළඟ මෙහෙයුම් අභ්‍යවකාශයේ ඉඳන් කරන්න කාලය හරි කියලා. 2020 දී මේ අභ්‍යවකාශ හමුදාව නිර්මාණය කරන්නයි ඇමෙරිකාව සැලසුම් කරලා තියෙන්නේ.

දැනට ඇමෙරිකාවට යුධ, ගුවන්, නාවික, වෙරළ ආරක්ෂක සහ මැරීන් හමුදා කණ්ඩ තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post