News Line| Off Air
Generic placeholder image

Aug
10

ක්‍රිකට් ගුරුවරු තමන්ට හිමි තැන දිනා ගනී.

1242 Views


ක්‍රිකට් ගුරුවරු තමන්ට හිමි තැන දිනා ගනී.

අලුත්ම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ක්‍රිකට් ගුරුන් තමන්ගේ ස්ථානය දිනා ගන්න සමත් වෙලා තියෙනවා.

ඒ අනුව එංගලන්තය පළවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ඔවුන් ප්‍රසාද ලකුණු 127 ක් ලබා ගෙන තියෙනවා. අසල්වැසි ඉන්දියාව දෙවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ඒ ප්‍රසාද ලකුණු 121 ක් ලබා ගෙන. තුන්වෙනි ස්ථානය නවසීලන්තය හිමිකර ගෙන තියෙනවා.

දකුණු අප්‍රිකාව, පාකිස්ථානය, ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය පිලිවෙලින් 5, 6 සහ 7 වන ස්ථාන වල රැඳී ඉන්නවා. කොහොම වුනත් ශ්‍රී ලංකාව තාමත් ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල ඉන්නේ 8 වන ස්ථානයේ.


News Articles
Latest Videos
Most Popular Post