News Line| Off Air| Games
Generic placeholder image

Aug
12

අද ලග්න 2 කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

552 Views


අද ලග්න 2 කට අධ්‍යාපන කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 අගෝස්තු මස 12 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.54 සිට උදෑසන 06.26  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.37 සිට සවස 06.05 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර   
අසුභ දිශාව: උතුර  

මේෂ ලග්නය

කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. නිසි තීරණ ගැනීමටද වග බලගතු යුතු දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය                                             ජය අංකය: 03

වෘෂභ ලග්නය

අභියෝග ජයගත හැකි දිනයක් . කරන වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. මත ගැටුම් හා මතභේද වලින් තොරව කටයුතු කිරීමට වග බලාගන්න. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය: කහ  පැහැය                                                            ජය අංකය: 02

මිථුන ලග්නය

යම් යම් ගැටළු ඇති උවත් දවස සුබයි .සෞඛ්‍ය නම් වෙනදට වඩා අයහපත් විය හැකි බැවින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතු දිනයකි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: ලා කොළ  පැහැය                                                         ජය අංකය: 05

කටක ලග්නය

ආකර්ෂණය වැඩිවන දවසක්  නමුත් ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                 ජය අංකය: 06

සිංහ ලග්නය

හදිස්සි වියදම් ඇතිවිය හැක .මුදල් උපයනවා සේම වියදම්ද වැඩිවන දවසක් රහස් සතුරු බලවේග යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. අන් යට සංවේදීව කටයුතු කිරීමට සිතට ගන්න. ගමන් බිමන් වැඩිවිය හැකි දිනයකි. ඔබ අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි.
ජය වර්ණය: රෝස  පැහැය                                 ජය අංකය: 09

කන්‍යා ලග්නය

නෑදෑ  හිත මිතුරන්ගෙන් උදවු උපකාර ලැබෙන දවසක්  .ඉවසිලිවන්තව කටයුතු කරන්න. ආවේගශීලී නොවන්න. එබැවින්  වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි.
ජය වර්ණය: කොළ පාට  පැහැය                                                 ජය අංකය: 02

තුලා ලග්නය

යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යහපත් දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                    ජය අංකය: 03

වෘශ්චික ලග්නය

 

යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. අධ්‍යාපන වැඩ කටයුතු වලට යහපත් දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                    ජය අංකය: 03

ධනු ලග්නය

අද දවසට ඔබේ ලග්න පලා පලය අනුව  ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. නව අදහස් උදහස් අනුව කටයුතු කළහැකි දිනයකි. සතුරු බලවේග ඉවතලා වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන්  පැහැය                                             ජය අංකය: 02

මකර ලග්නය

නොසැලී කටයුතු කළහැකි දිනයකි. ව්‍යාපාර කටයුතු වලටද යහපත් දිනයකි. සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. අනිවාර්යයෙන්ම යම් තරමක බලාපොරොත්තු ඉටුවන දිනයකි. අලුතින් යමක් ආරම්භ කිරීම්ටාද
ජය වර්ණය: විසිතුරු   පැහැය                                                          ජය අංකය: 04

කුම්භ ලග්නය

කාර්යබහුල වන දිනයක් විය හැකිය. එමෙන්ම විදෙස් ගමන් බලාපොරොත්තුවෙන් සිටි ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. වෘත්තිමය වශයෙන් යම් යම් වෙනස්කම් ඇතිවිය හැකි දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා රෝස   පැහැය                                                        ජය අංකය: 09

මීන ලග්නය

අන් අය ඔබෙන් උපදෙස් පතා එන දිනයකි. සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. නමුත් වියදම් ගැන නම් සැළකිලිමත් විය යුතු දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                   ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post