News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
13

වැලිකඩ රැඳවියෝ වහලට නගී.

873 Views


වැලිකඩ රැඳවියෝ වහලට නගී.

වැස්සට ඔලුව පොඩ්ඩක් දාගන්න දුන්නම මුළු ඇඟම දාගන්න හදන අය ඕනෑ තරම් සමාජයේ ඉන්නවා. පිටතින් ආහාර ගේන්න අවසර තියෙන සමහර රැඳවියන් ඒ අස්සේ මත්ද්‍රව්‍ය වගේ තහනම් දේවල් ගෙන්න ගන්නවා.

වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ට පිටතින් ආහාර ලබා ගන්නා සීමා කරලා තියෙනවා. මේ නිසා කාන්තා රැඳවියන් 10 දෙනෙක් බන්ධනාගාරයේ වහල උඩට නැඟලා විරෝධතාවයක් ආරම්භ කරලා තියෙනවා.

අද උදේ ආරම්භ කරපු වැඩවර්ජනයට සම්බන්ධ කාන්තා රැඳවියන් සියලු දෙනාම මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් වූ අය. අදාළ නඩු කටයුතු ඉක්මන් කරන්න කියලත් ඔවුන් ඉල්ලා සිටිනවා.

පහුගිය 11 වෙනිදාත් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ නොසන්සුන්තාවක් ඇති වුණා. ඔවුන් පාලනය කරන්න වැලිකඩ පිරිමි බන්ධනාගාරයේ නිලධාරීන්ද සම්බන්ධ වුණා.


News Articles
Latest Videos
Most Popular Post