News Line| Off Air
Generic placeholder image

Aug
14

ශ්‍රී ලංකාවේ ආරක්ෂක වීරයෝ බාබඩෝස් දූපතේ ක්‍රිකට් ශූරතාවය දිනයි. – Photo

8232 Views


ශ්‍රී ලංකාවේ ආරක්ෂක වීරයෝ බාබඩෝස් දූපතේ ක්‍රිකට් ශූරතාවය දිනයි. – Photo

ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම පහුගිය දවසක බාබඩෝස් දූපතේ සංචාරයක නිරත වුණා. ඒ T20 තරඟාවලියක් සඳහා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තමයි ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරේ. ජනිත් චතුරංග ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන්නා.

තරඟාවලිය පැවැත්වුණේ බාබඩෝස් ආරක්ෂක සේවා ක්‍රිකට් කණ්ඩායම සමඟ. එහිදී තරඟ 2 – 1 ක් විදියට T20 තරඟාවලිය ජය ගන්න ශ්‍රී ලංකාවේ ආරක්ෂක වීරයෝ සමත් වුණා. T20 තරඟාවලියෙන් පස්සේ අද තිබුන බාබඩෝස් ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමඟ තරඟයත් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරා.


News Articles
Latest Videos
Most Popular Post