News Line| Off Air
Generic placeholder image

Aug
14

බස්රථ රියදුරනුත් දුම්රියේ මඟ යයි. ත්‍රීරෝද රථ සහ බවුසර් සහයට එයි.

1036 Views


බස්රථ රියදුරනුත් දුම්රියේ මඟ යයි. ත්‍රීරෝද රථ සහ බවුසර් සහයට එයි.

සමහර වෙලාවට වැරදි දඬුවම් කරන්නම වෙනවා. රථවාහන වැරදි වලට රියදුරන්ට දඩ ගහන්නෙත් ඒ නිසා. දඩයක් ගැහුවම ඒ ගැන මතකයේ තියෙනකන් ඒ වැරැද්ද ආයේ කරන්නේ නෑ.

රථවාහන වැරදි කිහිපයක දඩ මුදල් පහුගිය දා තවත් වැඩි කරා. හැබැයි මේ වැඩේට සමහර රියදුරන් වැඩි කැමැත්තක් නෑ. විශේෂයෙන්ම බස්රථ රියදුරන්. මේ නිසා හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් පෞද්ගලික බස් රථ සේවක සංගමය වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා.

මේ වැඩ වර්ජනයට බවුසර් සහ බහලුම් රියදුරන් සහය දෙනවා කියලා පෞද්ගලික බස් රථ සේවක සංගමය ප්‍රකාශ කරනවා. ඒ වගේම කොළඹ නගරයේ ධාවනය වෙන සියලුම ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහයත් මේ වැඩ වර්ජනයට හිමි වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post