News Line| Off Air
Generic placeholder image

Aug
14

අකිලට සහ මැතිව්ස්ට ICC ය සලකයි.

1462 Views


අකිලට සහ මැතිව්ස්ට ICC ය සලකයි.

නිමවුන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින තරඟාවලියෙන් පස්සේ ICC ය අලුත්ම එක්දින ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තියෙනවා. එක්දින තරඟාවලියේ වැඩ පෙන්නපු දක්ෂයන්ට සුදුසු තැන දෙන්න ICC ය අමතක කරලා නෑ.

ICC එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉහළට එන්න මැතිව්ස්, කුසල් මෙන්ඩිස් සහ දික්වැල්ල සමත් වෙලා තියෙනවා. මැතිව්ස් 25 වෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. කුසල් මෙන්ඩිස් 53 දක්වා ඉහළට ඇවිත් තියෙනවා. දික්වැල්ල 35 වන තැන ලබා ගෙන තියෙනවා.

කොහොම වුනත් කුසල් ජනිත්ට සහ ස්ථාන කිහිපයක් පසුබහින්න වෙලා තියෙනවා. තරංග 44 වන ස්ථානයත් කුසල් ජනිත් 66 වන ස්ථානයත් හිමි කර ගෙන තියෙනවා.

පන්දු යවන්නන්ගේ ICC එක්දින ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 22 ක් ඉහළට එන්න අකිල ධනංජය සමත් වෙලා තියෙනවා. ඔහු 21 වන ස්ථානය හිමි කර ගෙන තියෙනවා. 72 වෙනි ස්ථානයේ හිටිය තිසර පෙරේරා ස්ථාන 4 කින් ඉහළට ඇවිත් තියෙනවා. ලක්මාල් 28 වන ස්ථානය දක්වා පහළට බැහැලා තියෙනවා. මැතිව්ස් 58 වන ස්ථානයේ රැඳී ඉන්නවා.

ICC එක්දින තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් 5 වන ස්ථානය රැක ගන්න මැතිව්ස් සමත් වෙලා තියෙනවා. තිසර පෙරේරා 25 වන ස්ථානයේ රැඳී සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post