News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

ඉන්දුනීසියාවේදී A/L ලියන ලංකාවේ පිහිණුම ශූරයා.

382 Views


ඉන්දුනීසියාවේදී A/L ලියන ලංකාවේ පිහිණුම ශූරයා.

ජාතික පිහිනුම් ශූරයකු වන ශාන්ත අකලංක පීරිස්ට ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ඉඳන් උසස් පෙළ විෂයන් තුනකට පෙනී ඉන්න අවස්ථාව සලසලා තියෙනවා. ඒ ඔහු මෙවර ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියට සහභාගී වෙලා ඉන්න නිසා.

අකලංක පීරිස් වාණිජ විෂය ධාරාවෙන් මෙවර අ.පො.ස. උසස් පෙළ සඳහා පෙනී ඉන්නවා. ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර කණිෂ්ඨ ඔලිම්පික් තරගාවලියේ පිහිනුම් ඉසව් නියෝජනය කරන්න ඔහු හෙට (15) දිවයිනෙන් පිටත්ව යනවා. ඒ නිසා ඔහුට සාමාන්‍ය ඉංග්‍රීසි, සාමාන්‍ය පොදු පරීක්ෂණය හා ගිණුම්කරණය පළමු ප්‍රශ්න පත්‍රයට ලංකාවේ ඉඳන් ලියන්න වෙන්නේ නෑ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත මේ සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස්කර තිබෙනවා. ඒ සඳහා විභාග දෙපාර්තමේන්තු නිලධාරීන් දෙදෙනෙකු ද එක්වීමට නියමිතයි. ඉන්දුනීසියාවේ මෙරට මහකොමසාරිස් කාර්යාලය අකලංකගේ විභාග කටයුතු සඳහා සහභාගී වෙන්න නියමිතයි.

මීටර් 50 පසුපස ආර, මීටර් 100 පසුපස ආර සහ මීටර් 50 සමනල ආර තරග සඳහා ශ්‍රී ලංකා වාර්තාවට ද හිමිකම් කියන්නේ අකලංක පීරිස්.


News Articles
Latest Videos
Most Popular Post