News Line| Off Air
Generic placeholder image

Aug
14

ජනප්‍රිය නිළියගේ ලක්ෂ 10 කට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විදලා.

719 Views


ජනප්‍රිය නිළියගේ ලක්ෂ 10 කට චිත්‍රපට අධ්‍යක්ෂකවරයා විදලා.

ජනප්‍රිය නිලියක් වන රොෂානා ඕන්ඩච්චි ට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් කරපු අසාධාරණයක් ගැන සියත 24 අපට ආරංචි වුණා. ඇයට විදේශයකින් සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයනය කරලා දෙනවා කියන පොරොන්දුවක් මත, ඇයගෙන් රුපියල් ලක්ෂ 10 කට මූලික ගාස්තුවක් ලබාගෙන තියෙනවා. අදාළ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා පොරොන්දු වෙලා තියෙන්නේ මාස 03 ක් ඇතුළත මෝටර් රථය මෙරටට ආනයනය කරලා දෙනවා කියලයි. එත් අදාළ මාස 03 ඇතුළත ඇයට මෝටර් රථය ලබාදෙන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා නෑ. මේ නිසා ඔහු විසින් ඇයට ටික දවසකට පාවිච්චි කරන්න කියල මෝටර් රථයක් ලබා දීල තිබුනත්, ටික දවසකින් ඔහු එම රථය අරගෙන ගිහින් තියෙනවා. ඒ ලබාගත් ලක්ෂ 10 ක මුදල් වටිනාකමට චෙක් පතක් ඇයට ලබාදීලා තියෙනවා. අදාළ චෙක්පත බැංකුවට දුන්නත් එම ගිණුමේ මුදල් නොමැති බව බැංකුවෙන් රොෂානාට දැනුම් දීල තියෙනවා.

ඊට පස්සේ ඇය මේ ගැන මිරිහාන දකුණු පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කලා. ඔහුගේ නියෝගය අනුව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පරීක්ෂණ ආරම්භ කරල තියෙනවා. කොහුවල තියෙන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාට අයත් කාර්යාලයේ දී ඔහුව අත්අඩංගුවට අරගෙන තියෙනවා. බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම සිද්ධිය විමර්ශනය කරනවා.

 

 


News Articles
Latest Videos
Most Popular Post