News Line| Off Air
Generic placeholder image

Aug
16

අද බස් වර්ජනය ක්‍රියාත්මක වෙන මාර්ග මෙන්න.

1408 Views


අද බස් වර්ජනය ක්‍රියාත්මක වෙන මාර්ග මෙන්න.

ලංකාවේ අඩුවක් නැතුව තියෙන එකම දේ තමයි වර්ජන. දුම්රිය වර්ජනය අවසන් වෙලා හුස්මක් ගන්න ලැබුණේ නා බස් රථ වර්ජනය කරන්න පටන් අරන්. ඒ ඊයේ (15) මධ්‍යම රාත්‍රියේ ඉඳන්.

පෞද්ගලික බස් රථ සේවක සංගමය තමයි මේ වැඩ වර්ජනය ආරම්භ කරලා තියෙන්නේ. ඒ ඉකුත්දා පැනවූ නව ස්ථානීය දඩවලට විරෝධය පළ කරමින්. මේ වර්ජනය ප්‍රදේශ කිහිපයකට සීමා වෙලා තියෙනවා.

අලුත්ගම, මාතර, කතරගම දක්වා සහ කිරිබත්ගොඩ, නුවර පාර, පෑලියගොඩ..මීගමුව පාර, අනුරාධපුරය, පොළොන්නරුව. බදුලු, බණ්ඩාරවෙල, නුවරඑළිය, ත්‍රිකුණාමලය ආදී මාර්ගවල මේ වන විට බස් රථ ධාවනය වන්නේ විනාඩි 40 කට එකක් විදියට. බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ මේ වන විට 80% සේවකයින් සේවාවලින් ඉවත් වෙලා තියෙනවා.

කොහොම වුනත් මේ වර්ජනයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගික බස් සමාගම් සමිති සම්මේලනය සහය දක්වන්නේ නෑ. ඒ නිසා මඟීන්ට ලොකු අපහසුවක් නම් වෙන එකක් නෑ.

හදිසියෙවත් කුමන හෝ ප්‍රදේශයක වර්ජනය නිසා ගමනා ගමනය අදාළ වුනොත් අතිරේක බස් රථ යොදවන්න ලංකා ගමනාගමන මණ්ඩලය සූදානමින් ඉන්නවා.


News Articles
Latest Videos
Most Popular Post