News Line| Off Air
Generic placeholder image

Aug
16

හෝස් වලින් නෑව දළදා පෙරහැරේ අලි ඇතුන්ට හිතේ හැටියට නාන්න පොකුණක්. – Video

1832 Views


හෝස් වලින් නෑව දළදා පෙරහැරේ අලි ඇතුන්ට හිතේ හැටියට නාන්න පොකුණක්. – Video

අගෝස්තු මාසය කියන්නේ බෞද්ධයන්ට විශේෂ මාසයක්. ඒ මහනුවර ශ්‍රී දළදා පෙරහැර පැවැත්වෙන මාසය නිසා. දළදා පෙරහැරත් එක්ක මතකයට එන දෙයක් තමයි අලි ඇතුන්.

දළදා පෙරහැරයි අලි ඇතුනුයි කියන්නේ ගහට පොත්ත වගේ. මේ දවස්වල ලංකාව වටේම ඉන්න හීලෑ අලි ඇතුන් මහනුවරට ඇවිත් ඉන්නේ. ඒ අලි ඇතුන්ව පෙරහැරට කලින් ස්නානය සාමාන්‍ය දෙයක්. මෙච්චර කාලයක් දළදා පෙරහැරට ආව අලි ඇතුන් නෑව්වේ හෝස් වලින්.

හැබැයි මේ සැරේ දළදා පෙරහැරට එන අලි ඇතුන්ට නාන්න පොකුණක් හදලා තියෙනවා. ඊයේ මේ පොකුණ පිරිත් සජ්ජායනා මැද්දේ විවෘත කරා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video එක.

https://www.facebook.com/sridaladamaligawa/videos/2028629337200915/

දැන් පොකුණේ බැහැලා සැපට නෑව අලි ඇතුන් ඉස්සර පෙරහැරට ඇවිත් නෑවේ මෙහෙමයි.

https://youtu.be/t1KUXaTbfQE


News Articles
Latest Videos
Most Popular Post