News Line| Off Air
Generic placeholder image

Aug
16

විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය නිසා උසස් පෙළ කාලසටහන් අවුලක්.

593 Views


විභාග දෙපාර්තුමේන්තුවේ වෙබ් අඩවිය නිසා උසස් පෙළ කාලසටහන් අවුලක්.

පාසල් ජීවිතයේ ලොකුම කඩයිම තමයි උසස් පෙළ. විභාගය පටන් ගන්න පැයකටවත් කලින් සාමාන්‍යයෙන් විභාග ශාලාවට යන්න ඕන. හැබැයි මෙවර සිංහල විෂය පළමු ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට ගිය සිසුන් කිහිප දෙනෙක්ට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා.

ඔවුන් විභාගයට යද්දී විභාගය අවසන් වෙලා තියෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත් කාලසටහනේ විභාග ආරම්භක වේලාව වැරදියට සටහන් වෙලා තිබීම.

මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ දුන් බණ්ඩාරවෙල සීවලි මහා විද්‍යාලයේ සිසුවියක්, හල්දුම්මුල්ල වල්හපුතැන්න ජාතික පාසලේ සිසුවියක් සහ අම්පාර ප්‍රදේශයේ පෞද්ගලික විභාග අපේක්ෂිකාවක් මුහුණ දීලා තිබ්බා.

අදාළ ප්‍රශ්න පත්‍රය පෙ.ව 8.30 ට ආරම්භ කරලා තියෙනවා. හැබැයි විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙන්නේ ආරම්භක වේලාව පස්වරු 12.30 කියලා. කොහොම වුනත් මේ වෙද්දී වෙබ් අඩවියේ පළකර ඇති කාලසටහනේ ගැටළුව නිවැරදි කරලා තියෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත ප්‍රකාශ කළේ ප්‍රවේශපත්‍රයේ සඳහන් වේලාවන් අනුව විභාගයට පෙනී සිටීමට අපේක්ෂකයින්ට කටයුතු කරන්න කියලා.


News Articles
Latest Videos
Most Popular Post