News Line| Off Air
Generic placeholder image

Aug
16

කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් කරන්න රෝසිගෙන් යෝජනාවක්.

615 Views


කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් කරන්න රෝසිගෙන් යෝජනාවක්.

මිනිස්සුන්ගේ ඡන්දයෙන් තේරී පත් වෙන මහජන නියෝජිතයෝ අන්තිමේදී මහජන මුදල් වලින්ම සැප ගන්නවා. බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරුන්ට ලක්ෂ 6 ක සැප පුටු ඉල්ලලා තිබුණා.

දැන් කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ගේ දීමනා ඉහළ දමන්නත් යෝජනා වෙලා තියෙනවා. මන්ත්‍රීවරුන්ගේ දීමනාව දෙගුණයකින් වැඩි කරන්න ඕන කියලා යෝජනා කරලා තියෙන්නේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය.

ඒ අනුව රුපියල් 20,000 ක දීමනාව 45,000 දක්වා වැඩි වෙනවා. කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරු 119 ක් ඉන්නවා. මේක දැකලා අනිත් නගර සභා වල මන්ත්‍රීවරු කොළඹට කිරි ගමට කැකිරි කියයිද දන්නේ නෑ.

 


News Articles
Latest Videos
Most Popular Post