උසස් පෙළට මුහුණ දෙන හැම කෙනෙක්ගේම සිහිනය කැම්පස් යන එක. හැබැයි බොහොම ටික දෙනෙක් තමයි කැම්පස් යන්න සුදුසුකම් ලබා ගන්නේ. ඒ අතරිනුත් සමහරු සුදුසුකම් ලැබුවත් කැම්පස් යන්න බයයි.
ඒ ජේෂ්ඨ උත්තමයන්ගේ රැග් එකට අහුවෙයි කියලා. රැග් කරන්න එන ජේෂ්ඨ උත්තමයන්ගෙන් උත්තමවියන්ගෙන් බේරෙන්න අමුතු ක්‍රමයක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කිව්වා. රැග් කරන්න එන ජ්‍යෙෂ්ඨ උත්තමයො දෙතුන් දෙනෙක්ගේ කන පැලුවට කමක් නෑ කියලයි අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නම් කියන්නේ.
කවුරුන් මොනවා කිව්වත් නවක වධ පනත 100% ක්‍රියාත්මක කරනවා කියලත් එතුමා පවසනවා. “විශ්ව විද්‍යාල වල ජ්‍යෙෂ්ඨ උත්තමයෝ උත්මාවියෝ හිටියට කමක් නෑ. නවක ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සංවිධානය වෙලා එන්න තමන්ගේ පීඨයට. තමන්ගේ පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය ක්‍රියාත්මක කරන්න. ජ්‍යෙෂ්ඨ උත්තමයො දෙතුන් දෙනෙක්ගේ කන පැලුවට කමක් නෑ. අපි ඔවුන්ට ආරක්ෂාව දෙනවා. බය නැතුව ක්‍රියාත්මක වෙන්න. කරලා අපට කියන්න.” කියලයි උසස් අධ්‍යාපන ඇමතිවරයා කිව්වේ.