News Line| Off Air
Generic placeholder image

Aug
17

එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අවි ඔසවයි.

3192 Views


එංගලන්ත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව අවි ඔසවයි.

එළඹෙන නොවැම්බර් මාසයේදී එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙනවා. ඔක්තෝම්බර් මස 10දා සිට නොවෙම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිත මෙම දීර්ඝ තරගාවලියට එක්දින තරග 5ක්, විස්සයි විස්ස තරගයක් සහ ටෙස්ට් තරග තුනක් ඇතුලත්.

මේ වෙද්දී තරඟාවලියේ ටිකට්පත් අරන් තියෙනවා. හැබැයි මේ ටිකට් පත් වලට එංගලන්තයේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් විරෝධයක් දක්වලා තියෙනවා. ඒ විදේශිකයන්ගේ ටිකට් මිල අසාධාරණ විදියට වැඩි කරලා කියලා.

එංගලන්ත ක්‍රිකට් රසිකයන්ගේ සංගමය සිය නිල ට්විටර් ගිණුමේ මේ සටහනක් තියලා තියෙනවා. ඔවුන් කියන්නේ ශ්‍රී ලංකා රසිකයන්ට දිනක් සදහා ටිකට් පතක මිල ස්‍ටර්ලිං පවුම් 1.4ක් පමණක් වෙද්දි එංගලන්ත (විදේශිය) රසිකයෙක් සදහා ටිකට් පතක මිල ස්ටර්ලිං පවුම් 50 ක් පමණ කියලා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ටෙස්ට් තරගාවලිය සදහා එංගලන්ත රසිකයන්ගේ පැමිණීම වළක්වන්න මේ වැඩේ කරලා කියලා ඔවුන් චෝදනා කරනවා. වුන් මේ වනවිට අන්තර්ජාල පෙත්සමක්ද මීට විරුද්ධව ආරම්භ කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post