News Line| Off Air
Generic placeholder image

Aug
18

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුපිරි ක්‍රිකට් සැණකෙළියක් මේ මාසයේදී.

1135 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුපිරි ක්‍රිකට් සැණකෙළියක් මේ මාසයේදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට සුපිරි ක්‍රිකට් සැණකෙළියක් මේ මාසයේදී ආරම්භ වෙනවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරඟාවලිය. තරඟාවලිය ලබන 21 වනදා කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙන්න නියමිතයි.

මේ තරඟාවලිය ජයග්‍රහණය කරන කණ්ඩායමට රුපියල් මිලියන දෙකක විශාල තෑග්ගක් හිමි වෙනවා. අනු ශූරයන්ට රුපියල් මිලියන 1.5ක මුදලක් පිරි නැමෙනවා.

හැබැයි මේ තරඟාවලියෙන් විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ දක්ෂතා දක්වන සචිත්‍ර සේනානායක ඉවත් කරලා තියෙනවා. ඒ වගේම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳව ලා තියෙනවා. ඔහු නියෝජනය කරන්නේ නුවර කණ්ඩායම.

දිනේෂ් චන්දිමාල් කොළඹ කණ්ඩායමද, ඇන්ජලෝ මැතිව්ස් මහනුවර කණ්ඩායමද, තිසර පෙරේරා දඹුල්ල කණ්ඩායම සහ සුරංග ලක්මාල් ගාල්ල කණ්ඩායමද මෙහෙය වනවා.

තරඟාවලිය දඹුල්ල, පල්ලෙකැලේ සහ කොළඹ R ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදීයි පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. තරඟාවලියේ සියලු තරංග නොමිලේම නැරඹන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post