News Line| Off Air| Games
Generic placeholder image

Aug
19

ඇමතිවරයෙකුගේ ගෙදර බිමට අල්ලන්න කුඹුක් ගස් 150 ක සංහාරයක්?

1238 Views


ඇමතිවරයෙකුගේ ගෙදර බිමට අල්ලන්න කුඹුක් ගස් 150 ක සංහාරයක්?

පොඩි කාලේ කුඹුක් ගහක් යට ඇළක දොළක නානවා තරම් සැපක් නෑ. හැබැයි දැන් කාලේ ළමයින්ට ඒ අත්දැකීම ලබා ගන්න වෙන්නේ හුඟාක් කලාතුරකින්. ඒ හිත්පිත් නැති මිනිස්සු කුඹුක් ගස් කපන නිසා.

මේ හෙළිකරන්න යන්නේ ඉදිරියේදී කරන්න සූදානම් වෙන ඒ වගේ මහා කුඹුක් සංහාරයක් ගැන. කුම්බුක්කඩවල වැව් බැම්මේ ඇති කුඹුක් ගස් පමණක් 150ක් පමන කපා දැමීමේ සුදානමක් Facebook ඔස්සේ මේ දවස්වල ප්‍රචාරය වෙනවා. මේ වැව පිහිටලා තියෙන්නේ කුරුණැගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ.

මේ මහා කුඹුක් ගස් සංහාරය කරන්න යන්නේ අමාත්‍යවරයෙකුගේ නිවසේ බිම ඇතිරීම සදහා කියලයි සඳහන් වෙන්නේ. මේ වෙද්දී කුම්බුක්කඩවල වැව් බැම්මේ තියෙන කුඹුක් ගස් 150 ක් පමණ කිසියම් පිරිසක් සලකුණු ;කරලා තියෙනවා.

හැබැයි මේ සා විශාල කුඹුක් ගස් ප්‍රමාණයක් කපලා දැම්මොත් විශාල නියඟයක් වුනත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අදාළ බලධාරීන් මේ ගැන හොයලා බලලා ඉක්මන් පියවර ගත යුතු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post