News Line| Off Air
Generic placeholder image

Aug
19

දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කලොත් 25,000 ක දඩයක්.

808 Views


දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිතව රිය ධාවනය කලොත් 25,000 ක දඩයක්.

ඉක්මන් කොටයි කියලා පැරැන්නෝ කිව්වේ කට කහනවට නෙවෙයි. ඒක හොඳටම තේරෙන්නේ තියෙන කලබලේට හෙවිල්ලක් බැලිල්ලක් නැතුව රේල් පාර හරහා දාන්න ගිහින් කෝච්චියට හැපුන වාහන දැක්කම.

හැබැයි මීට පස්සේ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දුම්රිය මාර්ග හරහා රිය ධාවනය කරොත් දඩ කන්නත් වෙනවා. දාහක් දෙදාහක් නෙවෙයි. රුපියල් 25,000 ක් ම.හික්කඩුව ප‍්‍රදේශයේ අද පැවැති උත්සවයකදී තමයි නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා මේ බව කිව්වේ.

හික්කඩුව සිට දොඩන්දුව අතර දුම්රිය හරස් මාර්ගවල ඉදිකෙරුණු ආරක්ෂිත විදුලි සීනු පද්ධති 10ක් අමාත්‍යවරයා අතින් අද (18) විවෘත කෙරුණා. මීට පස්සේ නම් දුම්රියෙන් බේරුනත් දඩයෙන් බේරෙන්න බැරි වෙයි.


News Articles
Latest Videos
Most Popular Post