ආසියාවේ දක්ෂයින් සොයා යන ආසියානු ක්‍රීඩා උළෙල පහුගිය 18 වෙනිදා ආරම්භ වුණා. මෙවර ආසියානු ක්‍රීඩා උළලේ සත්කාරකත්වය දරන්නේ ඉන්දුනීසියාව.
එහි සමාරම්භක උත්සවය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරදී පැවැත්වුණා. නවීන තාක්ෂනය යොදා ගෙන අපූරු උත්සවයක් ඉන්දුනීසියාව පැවැත්වුවා. මේ සමාරම්භක උළලේ කාගේත් වැඩි අවදානයට ලක්වුණේ ඉන්දුනීසියාවේ ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය.
ඉන්දුනීසියානු ජනපති ජෝකෝ විඩෝඩෝ සමාරම්භක උත්සවයට ආවේ යතුරුපැදියකින්. මේ තියෙන්නේ සියල්ලන්ම විශ්මයට පත්වුන ඉන්දුනීසියානු ජනපතිගේ පැමිණීම.
https://youtu.be/aYgpKqZGSqw