News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
21

අගමැති නිසා ක්‍රිකට් සභාපති ගෙදර යයි.

1125 Views


අගමැති නිසා ක්‍රිකට් සභාපති ගෙදර යයි.

ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රිකට් ක්‍රීඩකයෙක් රටක නායකත්වයට පත්වුණා. ඒ පාකිස්තානයේ ඉම්රාන් ඛාන්. ලෝකය පුරා ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන් ගෙන් වගේම ක්‍රිකට් ලෝලීන්ගෙන් තාමත් ඉම්රාන් ඛාන්ට සුභ පැතුම් ගලා ගෙන එනවා.

හැබැයි ඉමරාන් අගමැති ධූරයට පත්වෙනවත් එක්කම පාකිස්ථාන ක්‍රිකට් පාලක සභාපති නජාම් සේදී සිය ධුරයෙන් ඉල්ලා වෙලා තියෙනවා. ඉම්රාන් ඛාන් නොහොඳ නෝක්කාඩුවක් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ.

2013 දී තිබ්බ මහ මැතිවරණයේදි පන්ජාබ් ප්‍රාන්තයේ අන්තර් පාලකවරයා වශයෙන් කටයුතු නජාම් සේදී කටයුතු කරා. මැතිවරණයේදී අක්‍රමිකතා සිද්ධ වුණා කියලා ඉම්රාන් ඛාන්ගේ දේශපාලන පක්ෂය ඔහුට චෝදනා කරා.

“මාගේ ඉල්ලා අස්විමේ ලිපිය භාර දිම සදහා නව අගමැතිවරයා දිවුරුම්දෙන තෙක් මා බලා සිටියා. මාගේ කාර්ය මෙතනින් අවසානයී” කියලා නඩීම් ඉල්ලා අස්වීමේ ලියුමත් එක්ක twitter සටහනක් තියලා තිබ්බා.

කොහොම වුනත් නජාම් සේදී සභාපති ලෙස කටයුතු කළ කාලයේදී පාකිස්ථාන කණ්ඩායම ICC ක්‍රිකට් ශුරයීන්ගේ කුසලානය ජයග්‍රහණය කිරිමටත් විස්සයි 20 ශ්‍රේණිගත කිරිම් හි පළමු ස්ථානයට සමත් වුණා.


News Articles
Latest Videos
Most Popular Post