News Line| Off Air
Generic placeholder image

Aug
22

ශ්‍රී පාදයේ කුණු වලින් වැසුන මාවුස්සාකැලේ ජලාශය. – Photo

1265 Views


ශ්‍රී පාදයේ කුණු වලින් වැසුන මාවුස්සාකැලේ ජලාශය. – Photo

ශ්‍රී ලංකාවේ ජීවය රැඳිලා තියෙන්නේ ශ්‍රී පාද අඩවියේ. ලංකාවේ ප්‍රධාන ගංගා රැසක් ආරම්භ වෙන්නේ ශ්‍රී පාද අඩවියෙන්. හැබැයි නරුම මිනිස්සුන්ගේ පා තැබීමත් එක්ක ශ්‍රී පාද අඩවිය අපවිත්‍ර වෙන්න පටන් අරන්.

මාවුස්සාකැලේ ජලාශයේ ජලයේ පාවෙමින් තිබෙන දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුලු ඝණ අප ද්‍රව්‍ය එක් රැස් කිරීමේ ශ්‍රමදානයක් පහුගිය දා පැවැත් වුණා. ලංකා විදුලිබල මණ්ඩලයේ මාවුස්සාකැලේ ආරක්ෂක අංශයේ හා නාවික හමුදාවේ බෝට්ටු වලින් විශාල කුණු තොගයක් එක් රැස් කරලා තියෙනවා.

මාවුස්සාකැලේ ජලාශයට ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම නිසා ජල විදුලි නිෂ්පාදනයත් බාධා ඇති වෙලා තියෙනවා. ඒ වගේම පානීය ජලය සඳහාද මාවුස්සාකැලේ ජලාශයේ ජලය භාවිතා කරනවා.

ශ්‍රීපාද රක්ෂිතයෙන් පටන් අරන් මාවුස්සාකැලේ ජලාශයට ජලය ගලා එන, මෝහිනී දිය ඇල්ල හා සීතගඟුල ඔය ජලාශයට සම්බන්ධවන ස්ථානයේ තමයි මේ අපද්‍රව්‍ය වැඩියෙන්ම එකතු වෙලා තියෙන්නේ. මුළු ලංකාවටම ජලය සපයන ශ්‍රී පාද අඩවියේ ජලය මේ විදියට අපවිත්‍ර වුනොත් පිටරටින් වතුර ගෙන්වන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්.

(ඡායාරූප හා සටහන- මස්කෙළිය Gamini Bandara Illangantilaka )


News Articles
Latest Videos
Most Popular Post