News Line| Off Air
Generic placeholder image

Aug
22

“එයා විවාහ වුණේ මගේ යාලුවා එක්ක. මම වැරදි නෑ කියලා අධිකරණයේදී ඔප්පු කරා.” – උමාරියා දික්කසාද වුන හේතුව දෙව්ශාන් මුල්වරට හෙළිකරයි.

4818 Views


“එයා විවාහ වුණේ මගේ යාලුවා එක්ක. මම වැරදි නෑ කියලා අධිකරණයේදී ඔප්පු කරා.” – උමාරියා දික්කසාද වුන හේතුව දෙව්ශාන් මුල්වරට හෙළිකරයි.

දෙව්ශාන් පෙරේරා කියන්නේ ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්. ඔහු වඩාත් ජනප්‍රිය වුණේ උමාරියා එක්ක විවාහ වුනාට පස්සේ. හැබැයි විවාහය වැඩිකල් තිබුණේ. දෙව්ශාන් ගෙන් දික්කසාද වුන උමාරියා පහුගිය දා ආයෙත් විවාහ වුණා.

උමාරියා දික්කසාද වෙන්න හේතුව දෙව්ශාන් පලවෙනි වරට මාධ්‍යට හෙළිකරා. මේ තියෙන්නේ ඒ සංවාදය.

දෙව්ෂාන් කියන්නේ හරිම නිහඩ චරිතයක්. මේ දවස්වල ජිවිතේ ගෙවන්නේ කණගාටුවෙන් කියලයි ආරංචිය..?
සතුටින් ජිවත් වෙන්න උත්සහ කරනවා. ලොකු කණගාටුවක් තියෙන්නේ විශ්වාස කරපු මිනිස්සු ලොකුවට බොරු කරපු නිසයි. ඒ වගේම සමාජය ඉදිරියේ මාව වරදකරුවෙක් කරලා ඒ අය සතුටින් නිවැරදිකරුවන් විදිහට ජිවත් වෙනවා. එතැනයි කණගාටුව තියෙන්නේ.

ඔබත් උමාරියාත් ලස්සන පවුල් ජිවිතයක් ගත කළා. නමුත් ඇය ඔබෙන් දික්කසාද වී යළිත් විවාහ ගිවිසගත්තා. දැන් වෙනත් පුරුෂයකුගේ බිරිදක්. තමන් ආදරේ කළ කෙනෙක් ඒ විදිහට වෙන කෙනෙකුට අයිති වෙන හැටි බලාගෙන ඉන්න වුණ එකට ඇත්තටම දුකක් නේද..?
ඒක ලොකු දුකක්. දුකක් නෙමෙයි කිව්වොත් ඒක බොරුවක්. නමුත් මට මොන දේ එයා කළත් මට නින්දා අපහාස කළත් මම වැරදිකරුවෙකු කළත් එයාට ඒ ජිවිතේ සතුටක් නම් මටත් ඒ ගැන සතුටු වෙන්න පුළුවන්. උමාරියා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. අපි දික්කසාද වුණා කියලා එයාට මට මඩගහන්න වුවමනා නැහැ. මම වරදක් කරලා නැහැ කියලා පෙන්වන්න විවිධ දේ කරන්න අවශ්‍ය නැහැ. මම මේ කතා කරන්නේ එයාට මඩගහන්න නෙමෙයි. වුනු දේ කිව්වා විතරයි. එයාගේ වැරදි කියලා ඕන තරම් මට මඩගහන්න තිබුනා. මම එහෙම කලේ නැහැ.

ඔබෙන් උමාරියා අයින් වෙන්න හේතුව විදිහට ඇය කිව්වේ මොනවාද..?
මම එයාට හොදට සැලකුවේ නැහැ, මුදල් දුන්නේ නැහැ කිව්වා. හැමවරදක්ම එයා මගේ පිට පැටෙව්වා. නමුත් ඒවා මම අධිකරණයට ඔප්පු කළා මම නිවැරදියි කියලා. නමුත් එයාට අවශ්‍ය වුණේ දික්කසාදය. වෙන කෙනෙක් ලගට යන්න බලාගෙන් ඉන්න ගැහැණියක් මම බලෙන් තියාගන්න අවශ්‍ය නැති නිසා එයාට අවශ්‍ය දික්කසාදය මම දුන්නා. උමාරියගෙන් මම බලාපොරොත්තු වුණේ ආදරේ විතරයි. බිරිදක් විදිහට අඩු තරමින් උයන්නවත් එයාට බැහැ. නමුත් එයාට ආදරේ විතරක් හරි මට දෙන්න තිබුණා. විවාහ වෙලා අවුරුදු දෙකක් සතුටින් ඉන්න ඇති. දැන් දික්කසාද වෙලා මාස අටයි. අවුරුදු 24 දී මම විවාහ වුණා. අවුරුදු 28 දී සියලු දේ නැති වෙලා මම නැවත මගේ දෙමාපියන් ලගටම ආවා. මගේ සියලුම දේ උමාරියාට දීලා.

ඇය නැවත විවාහ වෙන්නේ ඔබ ඇයට හදුන්වා දුන් ඔබේම පවුලේ යාළුවෙක් එක්ක. එහෙම නේද..?
ඔව්. ඔහු ඉන්නේ ප්‍රංශයේ. ඔහු මගේ පවුලේ යාලුවෙක්. ඔහු මගේ තාත්තාට කතා කරලා කිව්වා මාවයි උමාරියාවයි ප්‍රංශයට එවන්න කියලා. වුවර් එකකට. ටිකක් විනෝද වෙලා එන්න කියලා. උමාරියා යන්න බැහැ කිව්වා. නමුත් මමයි උමාරියයි ගියා. එදා තමයි ඒ දෙන්නා මුලින්ම හදුනා ගන්නේ. ඔහු නිෂ්පාදකයෙක් නිසා මම හිතුවා උමාරියාට ඔහුගෙන් ප්‍රයෝජනයක් වෙයි කියලා. එහේ ගියේ සති දෙකකට. නමුත් උමාරියාගේ හා මගේ යාලුවාගේ ඉල්ලීම මත තව සතියක් එහේ හිටියා. මම දන්නේ නැහැ ඒ කාලේ ඒ දෙන්නා අතර සම්බන්ධයක් පටන්ගත්තාද කියලා. කොහොම නමුත් ඒ සිදුවීම් අවසන් වෙලා අපි දෙන්නා ලංකාවට ආවා. ආවාට පස්සේ උමාරියා කිහිප සැරයක් ප්‍රංශයට ගියා රේකොඩින් කියලා. එහෙන් මෙහෙන් ආරංචි ආවා එයාට වෙන සම්බන්ධයක් තියෙනවා කියලා. මම ඒ ගැන හිතුවේ නැහැ. ඒ කතාව ඇත්ත කියලා සාක්ෂි එක්ක තහවුරු වුණත් මම මගේ දෙමාපියන්ගෙන් ඒවා වසන් කළා. තාත්තාට ආරංචි වෙලා මගේ යාලුවාගේ තාත්තාට කතා කරලා. ඒ වෙනකොට ඔවුන් දන්නෙත් නැහැ එහෙම දෙයක්. කොහොම නමුත් එයාගේ සම්බන්ධය ගැන දැනගෙන හැමදෙයක්ම ඉවසුවා. නමුත් ඇයට අවශ්‍ය යන්න. මට බලෙන් තියාගන්න බැරි නිසා ඩිවෝස් එක දුන්නා. එහෙම තමයි වුණේ.

ලොකු මුදලක් වියදම් කරලා හැමෝටම පෙන්න විවාහ මංගල්‍ය උත්සවය අරගෙන තමන්ගේ පුතා දික්කසාද වුණා කියලා දැනගත්තම ඔබේ දෙමාපියන් මොනවාද කිව්වේ..?
එයාට මගේ යාලුවා එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා ආරංචි වුනහම හිතාගන්න බැරි වෙලා. මගේ දෙමාපියන්ට මට වගේම හිතේ වේදනාවක් ඇති මට දොස් කියලා වරද මගේ පිට පටවලා එයා වෙන විවාහයක් මෙච්චර ඉක්මණට කරනවාට. දික්කසාද වුනු ගමන් විවාහ වෙන්න එයාගේ සම්බන්ධය සෑහෙන කාලෙක ඉදලා තිබිලා තියෙනවා. කොහොම නමුත් මට එයා ගැන වෛරයක් නැහැ.

ආදරේ කියන දේ ජිවත් වෙන්න අවශ්‍ය වෙනවා. ඔබෙන් දික්කසාද වුනු උමාරියාත් විවාහ වෙනවා. ඔබට ආදරයක් ගැන හිතන්න පුළුවන් නේද..?
හැමදේම උමාරියාට දීලා මම මගේ දෙමාපියන් ලගට ආ නිසා මුලින්ම මගේ ස්ථාවරත්වය රැකියාව ගැන හිතන්න වෙනවා. ආදරේ ඕන ජිවත් වෙන්න. නමුත් ගොඩක් විශ්වාස කරලා ජිවිතේ පටන් අරගෙන ඒ ජිවිතේ කඩාගෙන වැටුනාට පස්සේ ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. මම කවදාවත් ඍනාත්මකව හිතන කෙනෙක් නෙමෙයි. අවුරුදු 40 දී හරි විවාහ වෙනවා ගැලපෙනම කෙනෙක් මුණගැහුනොත්. ඉක්මන් විවාහය ජිවිතේ විනාශ වෙන්න පුළුවන්. දැන් තමයි හිතෙන්නේ ඉක්මනට විවාහ වුණේ අපරාදේ කියලා.

ජිවිත කතාව ගැන ගීතයක් කරන්නත් ඉන්නවා කියලා ආරංචියි. ඒ කතාව ඇත්තද..?
ඔව්. සම්බන්ධතා කියන දේ වටිනාකම. සම්බන්ධතා කැඩුනම මොකද හිතෙන්නේ එහි වේදනාවේ රස ගැන මගේ හිතේ අදහසක් තියෙනවා. ලියන්න පුළුවන් කෙනෙකුට මගේ අදහස දීලා ලස්සන ගීතයක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ ගීතය ලොකු වෙනසක් වෙයි.


News Articles
Latest Videos
Most Popular Post