News Line| Off Air
Generic placeholder image

Aug
22

තරඟ නීති උල්ලංඝණය කළ නිසා ශී‍්‍ර ලංකා පිහිනුම් කණ්ඩායම ඉවතට.

551 Views


තරඟ නීති උල්ලංඝණය කළ නිසා ශී‍්‍ර ලංකා පිහිනුම් කණ්ඩායම ඉවතට.

ආසියානු ක්‍රීඩා උළලේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අද බොඳ වුණා. ඒ මීටර් 100 * 4 පිහිනුම් ඉසව්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම තරග නීති උල්ලංගණය කිරීම නිසා ඔවුන් තරඟයෙන් ඉවත් කරා.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එක් වුණේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක පීරිස්. 6 වැනි මංතීරුවෙන් තරග වැදුණු මැතිව් අබේසිංහ පළමු වටයේදී සාර්ථක ආරම්භයක් ලබා ගත්තා.

හැබැයි හුවමාරුවේදී මැතිව් අබේසිංහ නියමිත සීමාවට පැමිණිමට පෙර කයිල් අබේසිංහ තරගය ආරම්භ කළා. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟයෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ශී‍්‍ර ලංකා පිහිනුම් පුහුණුකරු පැවසුවේ කී‍්‍රඩකයින් සිවුදෙනා එක්ව පුහුණුවීම් නොකිරීම මේ වැරැද්දට හේතු වුණා කියලා.


News Articles
Latest Videos
Most Popular Post