SLC 20 ලීග් තරගාවලියේ උණුසුම්ම තරගය ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ කණ්ඩායම සහ නුවර කණ්ඩායම අතර. තරඟය කොතරම් උණුසුම් වුනාද කියනවා නම් සුපිරි පන්දුවාරයත් ලකුණු සම වුණා. ඒ නිසා තරගයේ ජය පරාජය තීරණය කරේ කඩුලු වලින්.
කාසියේ වාසිය දිනා ගත්ත කොළඹ කණ්ඩායම මුලින්ම පන්දුවට දුන්නා. ඔවුන් කඩුලු 5 දැවී ලකුණු 188 ක් ගත්තා. නැවතත් සාර්ථක වුන තරංග ලකුණු 62 ක් රැස් කරා. ෂෙහාන් ජයසූරිය ලකුණු 63 යි. ඒ 4 පහර 8 ක් සහ 6 පහර 2 ක් සමඟ. චතුරංග ද සිල්වා ලකුණු 25 යි. ලහිරු ගමගේ සහ චරිත් අසලංක කඩුලු 2 බැගින් දවා ගත්තා.
නුවර කණ්ඩායමත් පන්දුවාර 20 අවසානයේ ලබා ගත්තේ ලකුණු 188 ක් විතරයි. ලහිරු තිරිමාන්න ලකුණු 50 යි. ඒ 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් සමඟ. භානුක රාජපක්ෂ ලකුණු 28 යි. දසුන් ශානක ලකුණු 30 යි. ෂෙහාන් ජයසූරිය කඩුලු 3 ක් දවා ගත්තා. ජීවන් මෙන්ඩිස් කඩුලු 2 යි.
තරඟය සම වුන නිසා සුපිරි පන්දුවාරයකට යන්න විනිසුරුවන් තීරණය කරා. කොළඹ කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක සහ තක්ෂිල ද සිල්වා සුපිරි ඕවරයට මුහුණ දෙන්න පිටියට ආවා. ජීවන් මෙන්ඩිස් පන්දු යැවීමේ අභියෝගය ගත්තා. සුපිරි පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී ලකුණු 5 ක් විතරයි කොළඹ කණ්ඩායමට ලබා ගන්න පුළුවන් වුණේ.
ලකුණු 4 කට නුවර ක්‍රීඩකයන් නැවැත්වීමේ දැවැන්ත අභියෝගය පැවරුණේ ලසිත් මාලිංගට. ලකුණු 6 ක ඉලක්කය ජය ගන්න පිටියට ආවේ උපුල් තරංග සහ ෂෙහාන් ජයසූරිය. තවමත් T20 පිටියේ අණසක පතුරුවන්නේ තමන් කරන්න මාලිංග සමත් වුණා. ඒ දෙවෙනි පන්දුවෙන්ම උපුල් තරංග දවා ගෙන.
අවසන් පන්දුවේදී කොළඹ කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 2 ක් අවශ්‍ය වුණා. මාලිංගගේ සුපිරි පන්දු යැවීම හමුවේ ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ එක ලකුණක් විතරයි. සුපිරි පන්දුවරයත් ජයපරාජයෙන් තොරව නිමා වුණා. ඒ නිසා කඩුලු සංඛ්‍යාව අනුව තරඟයේ ජය තීරණය කරා. ජය හිමි වුණේ කොළඹ කණ්ඩායමට.
https://youtu.be/o9ifNSlIlmU?t=14850