එංගලන්තය සමඟ 3 තිබ්බ වෙනි ටෙස්ට් තරඟයේ විශිෂ්ඨ ජයක් ඉන්දියාව ලබා ගත්තා. ඒ ලකුණු 203 කින්. පළවෙනි තරඟ 2 ම උඩින්ම පැරදුන නිසා මේ ජයග්‍රහණයෙන් ඉන්දියාව උද්දාමයට පත්වෙලා හිටියේ.
විශේෂයෙන්ම විරාත් කෝලිගේ සුපිරි දස්කම් එකට තවත් හේතුවක් වුණා. පළවෙනි ඉනිමේ ලකුණු 97 ක් ලබා ගත්ත කෝලි දෙවෙනි ඉනිමේ ලකුණු 103 ක් ලබා ගත්තා. කොහොම වුනත් තරඟයෙන් පස්සේ කෝලි කිව්වේ තමන්ගේ දස්කම් වලට සියලුම ගෞරව බිරිඳ අනුෂ්කා ශර්මාට හිමි වෙන්න ඕන කියලා. ඇය නිරන්තරයෙන් තමාව ධෛර්යමත් කරනවා කියලයි ඉන්දියානු නායකයා කිව්වේ.
මුලින්ම ලකුණු රැස් කරපු ඉන්දියාව ලකුණු 329 ක් ලබා ගත්තා. හැබැයි එංගලන්තය පළවෙනි ඉනිමට ලකුණු 161 කට සීමා වුණා. දෙවෙනි ඉනිමට තවත් ලකුණු 352 ක් ලබාගෙන ඉන්දියාව තරඟය අත්හිටෙව්වා.
එංගලන්තය ලැබුණු ලකුණු 521 ක දැවැන්ත ඉලක්කය සපුරා ගන්න ඔවුන්ට බැරි වුණා. එංගලන්තය සියලු දෙනාම දැවී ලකුණු 317 ක් විතරයි ලබා ගත්තේ.