News Line| Off Air
Generic placeholder image

Aug
23

චූන් පාන් ත්‍රී විල් එකට කටුනායක දුම්රිය හරස්මාර්ගයේදී සිද්ධ වුණ විපත – Video / Photos

1421 Views


චූන් පාන් ත්‍රී විල් එකට කටුනායක දුම්රිය හරස්මාර්ගයේදී සිද්ධ වුණ විපත – Video / Photos

වාහන යන ප්‍රධාන මාර්ගයක් හරහා තියෙන දුම්රිය ගේට්ටු අසලින් වාහනයක ගමන්කරද්දී අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම දුම්රිය යන එන වෙලාවටත් එතනින් එහා මෙහා යන සමහරක් අයට තමන්ගේ වාහනේ දාගන්න තියෙන්නේ පුදුම හදිස්සියක්. මේ විදිහට හදිස්සියට තමන්ගේ ත්‍රී රෝද රථය දාන්න ගිය කෙනෙක් අද උදෑසන අනතුරකට ලක් වුණා.

මේ අනතුර සිද්ධ වුනේ කටුනායක ආයෝජන කලාපයයි, ලියනගේමුල්ලයි අතර තියෙන දුම්රිය හරස් මාර්ගයේදී. අනතුරට ලක්වුණේ බේකරි නිෂ්පාදන අලෙවිකිරීමට යනගමන් හිටපු ත්‍රී රෝද රථයක්. මේ අනතුරෙන් ත්‍රී රෝද රථය පදවපු රියැදුරා බරපතල තුවාල එක්ක රෝහල්ගතකරා. ඒ වගේම ත්‍රී රෝද රථය භාවිතයට ගත නොහැකි ලෙස අනතුරට පත්වෙලා තිබුණා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝ සහ ඡායාරුප:

https://www.facebook.com/vikumpasindu.saparamadu/videos/2183772511875308/


News Articles
Latest Videos
Most Popular Post