News Line| Off Air
Generic placeholder image

Aug
24

කතරගම දෙවියන්ගේ වාහනයෙන් දකුණට දැඩි හානි.

2995 Views


කතරගම දෙවියන්ගේ වාහනයෙන් දකුණට දැඩි හානි.

කතරගම දෙවියන්ගේ වාහනය විදියට සැලකෙන්නේ මොණරා. ඒ නිසාම මිනිසුන් මොණරාට කරදර කරන්නේ නෑ. හැබැයි මොණරා නම් ඒ අවස්ථාවෙන් මිනිසුන්ට පුළුවන් තරම් කරදර කරනවා. ඒ නිසා මිනිසුන්ට වෙලා තියෙන්නේ උණු හින්දා බොන්නත් බෑ කිරි හින්දා අහක දාන්නත් බෑ වගේ වැඩක්.

මේ වෙද්දී දකුණු පළාතට මොණරා වසංගතයක් තරමට කරදරයක් වෙලා. සංවර්ධනයත් එක්ක වෙනදට යාල, හම්බන්තොට වියළි කලාපයේ ජීවත් වුන මොණරුන් දැන් මාතර, ගාල්ල පැති වලට ඇවිත්. මේ නිසා ඒ පළාත්වල වගාවන්ට ලොකු තර්ජනයක් ඇති වෙලා තියෙනවා.

මොණරා කූඩු හදන්නේ උස ගස් මුදුන්වල නිසා උන්ගේ සීඝ්‍ර වර්ධනයක් ඇති වෙලා තියෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයටත් මොණරු නිසා ඇති වෙන කරදර වලින් අඩුවක් නෑ. ඒ නිසා අධිවේගී මාර්ගය දෙපස මොණරුන් පාර හරහා යනවා කියලා මාර්ග පුවරු පවා ගහලා තියෙනවා.

දැන් මොණරා ගෙන් ඇතිවෙලා තියෙන අලුත්ම කරදරය තමයි කිනිතුලු බිය. මොණරුන්ගේ ඇඟේ ජීවත්වන කුඩා කිනිතුල්ලන්, එම ප්‍රදේශවල ජීවත්වන, ජනතාවගේ ඇඟේ එල්ලී ලේ උරා බොනවා කියලා වාර්තා වෙනවා. මිනිසුන්ට විතරක් නෙවෙයි ඒ කලාපයේ සිටින බල්ලන්, වඳුරන්, තෙත්කලාපයේ පක්‍ෂි විශේෂ වලටද මොනරුන් මගින් පැතිරෙන කිනිතුල්ලන් මගින් විවිධ රෝග වලට ලක්‌වීමේ තර්ජනයක්‌ ඇති වෙලා තියෙනවා.

වෛද්‍යවරු පවසන්නේ මේ කිනිතුල්ලන් ඇඟේ එල්ලී සිටින විට, කඩලා ඉවත් කරොත් කිනිතුල්ලාගේ මුඛ කොටස සමේ රැඳිල සම තුවාල වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දද වගේ සුව නොවන චර්ම රෝග ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කිනිතුල්ලෙකු ශරීරයේ ලේ උරා බොනවිට ඉබේ ගැලවී යන්න භූමිතෙල්, දිවි කඳුරු කිරි, වරා කිරි වගේ දෙයක් එම ස්‌ථානයේ ගැල්වීම සුදුසුයි.


News Articles
Latest Videos
Most Popular Post