උදර්පණ නීතිය ගැන මේ දවස්වල දේශපාලන වේදිකාවේ නිතර අහන්න ලැබෙනවා. ඒ ලංකාවේ හොරකම්, වංචාවලට සමබන්ධ වෙලා රට පැනල ඉන්න අයගේ නම් එක්ක.
මොකක්ද මේ උදර්පණ නීතිය? උදර්පණය කියන්නේ රටවල් දෙකක් අතර සැකකරුවන් හුවමාරු කිරීමේ දී බල පවත්වනු ලබන නීතිය. මේ ක්‍රියාවලිය වෙන්නේ ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර් පෝල්) හරහා.
මෙච්චර කල් උදර්පණ නීතියට අදාල බලතල හා වගකීම් වයඹ සංවර්ධන අමාත්‍යංශය යටතේ තිබුණේ. හැබැයි ජනාධිපතිතුමා ගැසට් පත්‍රයක් මඟින් ඊට අදාළ බලතල රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය යටතේ පවතින සමුද්‍රීය සංරක්ෂණයේ ආරක්ෂාවට එරෙහිව සිදුකරනු ලබන නීති විරෝධී ක්‍රියා මැඩ පැවැත්වීම පනත යටතට අරගෙන තියෙනවා.