කාලයක් ලංකාවම බය වුන නමක් තමයි “හිතුමතේ ජීවිතේ” කියන්නේ. 5 වතාවක් හිරෙන් පැනලා නංගිව මරපු මිනීමරුවන්ගෙන් පළි ගත්ත හිතුමතේ ජීවිතේගේ ඇත්ත නම ඩී වී සුමතිපාල.
මරණ දඬුවම හිමි වෙලා ජනාධිපති සමාව ලැබිලා ඔහු මෑතකදී තමයි හිරෙන් නිදහස් වෙලා ආවේ. හැබැයි මේ සමාජය වැරදි කරපු කෙනෙක්ට කවදාවත් හොඳ මනුස්සයෙක් වෙන්න දෙන්නේ නෑ කියලා අද හිතුමතේ ජීවිතේ පත්වෙලා ඉන්න තැන දැක්කම ඔබට හිතෙයි.
2006 වසරේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයකුගේ නිවසකින් හොරකම් කළා කියන සිදුවීමකට හිතුමතේ ජීවිතේ ආයෙත් අත්අඩංගුවට අරගත්තා. කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප නියම නියම කරා. හැබැයි කාත් කවුරුවත් නැති හිතුමතේට ඇප දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නෑ.
ඒ නිසා ඔහුව ආයෙත් රක්ෂිත බන්ධනාගාර ගත කරා. හැබැයි හිතුමතේ ජීවිතේ නම් කියන්නේ මේ හොරකම ගැන ඔහු කිසිම දෙයක් දන්නේ නෑ කියලා. ‘‘රත්තරන් බඩු වගයක් ගත්තා කියනවා මම දන්නේ නැහැ අරන් ගියෙත් නැහැ කොච්චර හොඳින් ඉන්න හිටියත් ඉන්න දෙන්නේ නැහැ නඩු දානවා‘‘ කියලා බන්ධගරයට යන ගමන් ඔහු කිව්වා.